Header

Sri Lanka Army

Defender of the Nation

28th April 2018 13:45:04 Hours

දියතලාවේ දී ‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්’ තරඟාවලිය සාර්ථකව අවසන් වෙයි

ශ්‍රී ලංකාවේ දැවැන්තම මෝටර් රථ ධාවන තරඟාවලියක් වන ‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්’ මෝටර් රථ ධාවන තරඟාවලියේ තරඟ ඉසව්වන් සහ ත්‍යාග ප්‍රදානෝත්සවය සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් සෙනසුරාදා (21) දින දියතලාව නගරයේ දී ක්‍රීඩා ලෝලීන් දහස් ගණනක් මධ්‍යයේ සාර්ථකව පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් ආර්.සී. විජේගුණරත්න සහභාගි විය.

ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ක්‍රීඩා සංගමයේ (SLAS) මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය විසින් ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ධාවකයන්ගේ සංගමය සමඟ සම්බන්ධතාවයෙන් මෙම තරඟාවලිය වර්ෂිකව සංවිධානය කරනු ලබයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අරමුදලට මුදල් රැස්කිරීමේ අරමුණින් මීට වසර 18 කට පෙර ‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්’ තරඟාවලිය ආරම්භ කරන ලදී. ඒ අනුව, ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්’ තරඟාවලිය මගින් ලැබෙන ආදායම යොදාගනීමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා නවතමයෙන් භාෂා විද්‍යාගාරයක්, පරිඝණක විද්‍යාගාරයක්, පිහිනුම් තටාකයක් සහ ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට හැකියාව ලැබී ඇත.

තරඟාවලියේ දක්ෂතා දැක්වූවන් පහතින් දැක්වේ;

ස්ටැන්ඩඩ් 250 සීසී STD/MOD යතුරුපැදි ධාවන ඉසව්ව

ශූරතාවය - කෝප්‍රල් නිහාල් විජේරත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව

ස්ටැන්ඩඩ් 125 සීසී MW යතුරුපැදි ධාවන ඉසව්ව

පළමු ස්ථානය - ලාන්ස් කෝප්‍රල් බුද්ධික සිල්වා - ශ්‍රී ලංකා සංඥා බලකාය

දෙවන ස්ථානය - කෝප්‍රල් එම්.එස්.ජේ.එස්. ප්‍රේමරත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව

තෙවන ස්ථානය - සාමාන්‍ය සෙබළ ඒ.ඩබ්ලිව්.එල්.ජේ. කුමාරසිංහ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය

ස්ටැන්ඩඩ් 250 සීසී STD/MOD යතුරුපැදි ධාවන විවෘත ඉසව්ව

පළමු තරඟය

පළමු ස්ථානය - සාමාන්‍ය සෙබළ ඒ.ඩබ්ලිව්.එල්.ජේ. කුමාරසිංහ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය

දෙවන තරඟය

තෙවන ස්ථානය - සාමාන්‍ය සෙබළ ඒ.ඩබ්ලිව්.එල්.ජේ. කුමාරසිංහ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය

ස්ටැන්ඩඩ් 250 සීසී STD/MOD යතුරුපැදි ධාවන ජාතික ඉසව්ව

පළමු ස්ථානය - ලාන්ස් කෝප්‍රල් බුද්ධික සිල්වා - ශ්‍රී ලංකා සංඥා බලකාය

දෙවන ස්ථානය - කෝප්‍රල් එම්.එස්.ජේ.එස්. ප්‍රේමරත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව

ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමයේ කණ්ඩායම් ශුරතාවය

කෝප්‍රල් එම්.එස්.ජේ.එස්. ප්‍රේමරත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව

සාමාන්‍ය සෙබළ ඒ.ඩබ්ලිව්.එල්.ජේ. කුමාරසිංහ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය

Nike shoes | nike fashion