Header

Sri Lanka Army

Defender of the Nation

28th April 2018 16:00:10 Hours

නික්ම යන කර්නල් සේනාවිධායක වෙත සමුගැනිමේ උත්සවයක්

නික්ම යන සන්නද්ධ බුද්ධි බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් හට හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් හා සම්මාන ආචාර පෙලපාලියකින් සමන්විත සමුගැනිමේ උත්සවයක් කරන්දෙණිය, සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දි සිකුරාදා (27) දින පවත්වන ලදී.

සන්නද්ධ බුද්ධි බලකා භට පිරිස් විසින් එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භුමියේදි සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලද අතර, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් මේ අවස්ථාව සඳහා සහභාගි වුහ.

නික්ම යන කර්නල් සේනාවිධායකතුමන් විසින් භට පිරිස් ඇමතු අතර, එහිදි එතුමන් සිය ධුර කාලය තුල රාජකාරි කටයුතු සාර්ථක ලෙස සිදුකරගෙන යාම සඳහා සන්නද්ධ බුද්ධි බලකායේ සියළුම නිලයින් විසින් තමා වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය හෘදයාංගම කෘතඥතාවය පළකර සිටින ලදී.

Asics footwear | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth