Header

Sri Lanka Army

Defender of the Nation

28th April 2018 13:19:04 Hours

මින්නේරිය, පාබල පුහුණු මධ්‍යස්ථානය විසින් තවත් පාබල සෙබළුන් පිරිසක් දැයට දායාද කරයි

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ විවිධ පාඨමාලාවන් හැදෑරූ නිලධාරින් හා සෙසුනිලයින්ගේ විසිරයාමේ පෙළපාලියක් හා නිල ලංඡන පැළැඳවිමේ උත්සවයක් පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා ගේ උපදෙස් පරිදි සිකුරාදා (27) දින පවත්වන ලදී.

මෙම විශේෂ දිනයේදී බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලා අංක 74 හැදෑරු නිලධාරින් 36 දෙනෙකු, බලඇණි ආධාරක අවි ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි පාඨමාලා අංක 83 හැදෑරු ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 34 දෙනෙකු, මිසයිල පාඨමාලා අංක 50 හැදෑරු නිලධාරින් 10 දෙනෙකු සහ සෙසුනිලයින් 41 දෙනෙකු ඔවුන් හදාරන ලද පාඨමාලාවන්ට අදාල නිල ලාංඡනයන් පැළැඳවිමේන් පසු විසිර ගියහ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල සහභාගි වු අතර, පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි කුසලානය එතුමන්ගේ සුරතින් පිරිනමන ලදී.

බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලා අංක 74 සාර්ථකව හැදෑරු විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිතන් කේ.ජී.ජේ කරුණාරත්න දක්‍ෂතම ශිෂ්‍යයා ලෙසත්, ජාතික ආරක්‍ෂක බලමුළුවේ 2 ලුතිතන් එම්.පී.පී.යු. මුතුනායක මිසයිල පාඨමාලා අංක 50 හි දක්‍ෂතම ශිෂ්‍යයා ලෙසත්, සැරයන් කේ.එම්.එස් කුමාර රත්න බලඇණි ආධාරක අවි ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි පාඨමාලා අංක 83 හි දක්‍ෂතම ශිෂ්‍යයා ලෙසත් කුසලාන හා සහතික පත් හිමි කරගන්නා ලදී.

Running Sneakers Store | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News