Header

Sri Lanka Army

Defender of the Nation

28th April 2018 16:24:48 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ පාඨමාලා අංක 1 හි නිලධාරින් සිය 50 වසරක මතකයන් ආවර්ජනය කරයි

යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයක් මත මීට වසර 50 කට පෙර දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ පාඨමාලා අංක 1 හදාරා විසිරගිය කෙඩෙට් නිලධාරින්ගේ විශේෂ සුහද හමුවක් බදාදා (25) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ දී පවත්වන ලදී.

මෙම කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 1 හදාරනු ලැබු නිලධාරින් 14 දෙනා අතරින් නිලධාරින් 6 දෙනෙකු සිය භාර්යාවන් සමග මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මෙම විශේෂ හමුව ආරම්භයට පෙර ඔවුන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ රණවිරු ස්මාරකය වෙත මල් කලඹක් තැන්පත් කරමින් පුෂ්පෝපහාර දක්වන ලද අතර, ඉන් අනතුරුව කර්නල් ෆස්ලි අනුස්මරණ ශ්‍රවණාගාරයේදී දැනට පුහුණුව ලබන කෙඩෙට් නිලධාරියෙකු විසින් පසුගිය 50 වසරක කාලය තුල ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨය ලබා ඇති ප්‍රගතිය පිළිබඳ ඉදිරිපත් කිරිමක් සිදුකරන ලදී.

මෙම සුහද හමුව සඳහා පැමිණි ආරාධිතයින් ශ්‍රවණාගාරය අභියසදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න සමගින් එම මහත්මිය විසින් පිළිගන්නා ලද අතර මෙම සුහද හමුව සිහිපත්විම සඳහා විශේෂ සමරු තිළිණයක් ද පිරිනමන ලදී. කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 1 හැදෑරු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් මෙවන් මතකයන් ආවර්ජනය කිරිමේ උතුම් අවස්ථාවක් සංවිධානය කීරිම පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ සේනාවිධායකතුමන් ඇතුලු සංවිධායක කමිටුව වෙත සිය කෘතඥතාවය පුද කර සිටින ලදී.

අනතුරුව ඔවුන් විසින් සිය පැරණි මතකයන් ආවර්ජනය කරමින් කෙඩෙට් නිලධාරි නිවස්නය, පුස්තකාලය, ක්‍රිඩාංගාරය, අශ්ව ඉස්තාලය, කෞතුකාගාරය සහ සැරයන් නිවස්නය ඇතුළු ස්ථානයන් වෙත සංචාරයක නිරත වු අතර බ්‍රහස්පතින්දා (26) දින ඉන් නික්ම යාමට මත්තෙන් ඔවුන් කෙඩෙට් නිලධාරි නිවස්නයේ පැවති රාත්‍රි භෝජන සංග්‍රහයක් ද භුක්ති විදින ලදී.

latest Running | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today