Header

Sri Lanka Army

Defender of the Nation

28th April 2018 11:26:09 Hours

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සිය මව් රෙජිමේන්තුවේ සංචාරයක

යුද්ධ හමුදා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන රාජකාරි භාරගැනීමෙන් පසු පළමු සංචාරය ලෙස සිකුරාදා (27) දින බෝයගනේ පිහිටි සිය මව් රෙජිමේන්තුව වන විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වන ලදි.

මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විජයබාහු පාබල රෙජිමේන්තුවෙන් බිහි වූ පළමු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි වන අතර, එතුමන්ව විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ශ්‍රීනාත් ආරියසිංහ විසින් පිළිගනු ලැබීය. අනතුරුව එතුමා වෙත ප්‍රධාන දොරටුව අභියසදී කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූහ.

ඉන්පසු, මේජර් ජෙනරාල් කාරියකරවන, විජයබාහු පාබල රෙජිමේන්තු රණවිරු ස්මාරකය වෙත මල් කළඹක් තැන්පත් කරමින් පුෂ්පෝපහාර දක්වන ලදි. අනතුරුව විජයබාහු පාබල රෙජිමේන්තු සරඹ භූමියේ දී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනමනු ලැබීය.

නිලධාරීන් සහ සෙසු නිලයින් නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මෙන්ම රෙජිමේන්තු අධිපති සමඟින් සෙසු නිල භෝජනාගාරයේ පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගි වූහ. එමෙන්ම නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි විසින් මෙම මෙම අවස්ථාව සංකේතවත් කරමින් විජයබාහු රෙජිමේන්තු පරිශ්‍රයේ පැලයක් ද රෝපණය කරන ලදී.

ඉන් අනතුරුව, මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන භට පිරිස් අමතමින් විජයබාහු පාබල රෙජිමේන්තුවේ බොහෝ දුෂ්කරතාවයන්, අභියෝගයන් හමුවේ මෙම සාර්ථකත්වය අත්කර ගැනීම සඳහා සහාය වූ පෙර සිටි සහ වත්මන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙබලුන් වෙත සිය හෘදයාංගම ස්තුතිය පුද කළහ.

නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි වෙත ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් සිය සුභ පැතුම් එක්කරන ලදී.

Sneakers Store | Nike Releases, Launch Links & Raffles