Header

Sri Lanka Army

Defender of the Nation

25th April 2018 22:30:24 Hours

නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක් පිළිබඳ දේශනයක් කාන්තා බලකා මූලස්ථානයේදී

යුද්ධ හමුදා රෝහල විසින් ක්‍රියාත්මක කරමින් පවතින ‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ ව්‍යාපෘතියේ නමින් තවත් එක් පියවරක් ලෙස ‘සෞඛ්‍ය ප්‍රමිතින් කළමනාකරණය’ පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් බදාදා (25) දින බොරැල්ල හි පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා මූලස්ථානයේ දී පැවැත්විය.

මෙහිදී ‘නිවැරදි ආහාර රටාවන්’, ‘ප්‍රසව හා නාරීවේදය සහ මානසික සෞඛ්‍යය’, ‘බෝ නොවන රෝගවලින් වැළකීම’ ආදී මාතෘකා ඔස්සේ දේශන පැවැත් වූ අතර, දේශන අතරතුර ඒ හා සබැඳි නාට්‍යයක් ද ඉදිරිපත් කරනු ලැබීය. එම දේශනයන් සඳහා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරින් සහ සෙසු නිලයින් 150 කට අධික පිරිසක් සහභාගි වූහ.

මෙහි දේශන ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතියේ ප්‍රධානී බ්‍රිගේඩියර් (වෛද්‍ය) ඒ.එස්.එම් විජේවර්ධන, ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කර්නල් ඩි.සී.ජේ වික්‍රමආරච්චි, කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලුතිතන් කර්නල් කේ.ජි.එන්.යු ජයසිංහ, මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රවිමල් ගලප්පත්ති, පෝෂණවේදි ලුතිතන් ඒ.සී.කේ උඩුගම විසින් පැවත්විය.

Sneakers Store | Buy online Sneaker for Men