Header

Sri Lanka Army

Defender of the Nation

25th April 2018 22:25:11 Hours

උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙසේ නව ආඥාපති රාජකාරි භාරගනියි

බ්‍රිගේඩියර් ඩි.එස්.ඒ දෙහිවත්ත, උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙසේ 23 වන ආඥාපති ලෙස සඳුදා (23) දින සරල උත්සවයක් පවත්වමින් අනුරාධපුර පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි භාරගනු ලැබීය.

මහා සඟරුවනේ සෙත් පිරිත් දේශණය මධ්‍යයේ නව ආඥාපති නිල ලේඛණයකට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි භාරගත් අතර, එම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපනය කළහ.

 

මෙම අවස්ථාව සඳහා උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙසේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.

buy footwear | adidas Yeezy Boost 350