Header

Sri Lanka Army

Defender of the Nation

23rd April 2018 08:20:37 Hours

59 වන සේනාංකය අලුත් අවුරුදු සමරයි

59 වන සේනාංකයේ භට පිරිස් විසින් සංවිධානය කරනු ලැබු සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය බදාදා (18) දින මූලතිව්, මූල්ලෙයාවේලි විද්‍යානන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය.

මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය ගේ මඟපෙන්වීම මත සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව සම්ප්‍රදායික ජන ක්‍රීඩා රැසකින් සමන්විත ‘සුර්ය මංගල්‍යය’ පවත්වනු ලැබීය.

සුහදත්වය, සංහිඳියාව, ජනවාර්ගික සහජීවනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැති මෙම අලුත් අවුරුදු උත්සවය සඳහා මූලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවතී කේදීෂ්වරන් මහත්මිය, මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු, 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.ආර්.එම්. ප්‍රනාන්දු, මූලතිව් ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් සී.එස්. ඇටිපොළ, 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය, මූලතිව් පොලිස් ස්ථානයේ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතා, රාජ්‍ය නිලධාරින්, යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් මෙන්ම මූලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන් රැසක් ද එක්ව සිටියහ.

යතුරු පැදි සංදර්ශන, සුනඛ සංදර්ශන, ගැමි නැටුම්, කඹ අඳිම්, ජන ක්‍රීඩා, නර්තන විශේෂාංග සහ සංගීත විනෝදස්වාදයන්ගෙන් මෙම අලුත් අවුරුදු උත්සවය වර්ණවත් වූ අතර උදෑසන පැවැති මාර්ග ධාවන තරඟය සඳහා මූලතිව් දිස්ත්‍රිකයේ සිවිල් වැසියන් ඇතුළු තරඟකරුවන් 150 කට අධික පිරිසක් සහභාගි විය.

මෙම අලුත් අවුරුදු උත්සවය අවසානයේ තරඟ ඉසව් සඳහා සහභාගි වී ජයග්‍රහණය ලැබුවන් හට මූලතිව් දිස්ත්‍රික් ලේකම්, මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති සහ අනෙකුත් ආරාධිතයින් විසින් වටිනා ත්‍යාග පිරිනමනු ලැබීය.

Running Sneakers | 『アディダス』に分類された記事一覧