Header

Sri Lanka Army

Defender of the Nation

23rd April 2018 08:15:30 Hours

11 වන සේනාංකයේ නව සේනාංකාධිපති සිය ධූරයේ රාජකාරි අරඹයි

මහනුවර ප්‍රදේශයේ ස්ථානගත 11 වන සේනාංකායේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ටී.ජේ. නානායක්කාර හමුදා සම්ප්‍රදායානුකුල සරල උත්සවයක් පවත්වා රාජකාරි භාරගනු ලැබීය.

එදින උදෑසන, 11 වන සේනාංක මූලස්ථානයේ දී නව සේනාංකාධිපතිතුමන් වෙත 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර, 5 (ස්වේච්ජා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, නව සේනාංකාධිපතිතුමන් සිය කාර්යාලයේ දී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

අලුත් අවුරුදු රසකැවිලිවලින් සමන්විත තේ පැන් සංග්‍රහයට සහභාගි වූ නව සේනාංකාධිපතිතුමා සියලු නිලයින් සමඟ සුහඳ පිළිසදරක ද නිරත විය.

Authentic Nike Sneakers | adidas Yeezy Boost 350