Header

Sri Lanka Army

Defender of the Nation

19th April 2018 21:59:04 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති රාජකාරි අරඹයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 11 වන ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන බදාදා (18) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පැවැති හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගනු ලැබීය.

මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස නව ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර 11 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කරනු ලැබීය.

එදින උත්සවයේ දී නව ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක්, පිළිවෙලින් 24 වන ගැමුණු හේවා බළඇණියේ සහ 3 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී පිරිනමනු ලැබීය.

මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන, සම්ප්‍රදායානුකුලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව සිය කාර්යාලයේ දී ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් රාජකාරි භාරගනු ලැබීය. නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මකව ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කිරීමේන් අනතුරුව සියලු නිල තේපැන් සංග්‍රහයක් සඳහා ද එතුමන් එක්විය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි භාරගැනීමේන් අනතුරුව එම ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන රාජකාරි භාරගනු ලැබීය.

Buy Kicks | Nike