Header

Sri Lanka Army

Defender of the Nation

20th April 2018 21:55:48 Hours

ශ්‍රී ලංකාවේ සහ සිංගප්පුරුවේ හමුදා ප්‍රධානින් මැලේසියාවේදි මුණගැසේ

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු ආරක්‍ෂක සේවා ප්‍රදර්ශණය - 2018 සඳහා සහභාගි වි සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සිංගප්පුරු යුද්ධ හමුදාවේ ප්‍රධානි බ්‍රිගේඩියර් ජෙනරාල් ගොහ් සයි හෝ (Brigadier-General, Goh Si Hou) බදාදා (18) දින මැලේසියාවේ ක්වාලා ලාම්පුර් හිදි හමුවිය.

සිංගප්පුරු හමුදා ප්‍රධානි සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති තුමන් අතර සුහද පිළිසදරක් පැවති අතර, මෙම හමුවේදි වර්තමානයේ හමුදාවන් මුහුණදෙන අභියෝගයන් හා තවත් වැදගත් කරුණු කිහිපයක් සබැදිව අදහස් හුවමාරු කරගන්නා ලදී.

අනතුරුව, මෙම හමුව සිහිපත් විම සඳහා සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.

Nike sneakers | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C