Header

Sri Lanka Army

Defender of the Nation

18th April 2018 18:05:18 Hours

හම්බන්තොට දී 12 වන සේනාංකය අලුත් අවුරුදු සමරයි

හම්බන්තොට ප්‍රදේශයේ ස්ථානගත 12 වන සේනාංකය විසින් සංවිධානය කරනු ලැබු 2018 - සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය සිකුරාදා (13) දින එම සේනාංක මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.

මෙම උත්සවය 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චි ගේ මූලිකත්වයෙන් සංවිධානය කල අතර සේනාංකාධිපති තුමන් අතින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව නිල වශයෙන් අලුත් අවුරුදු උත්සවය ආරම්භ විය.

අනතුරුව, මෙම උත්සවයේ විනෝදාස්වාදය ලබාගැනීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින් ද එක්ව සිටියහ. කොට්ටාපොර, කඹ ඇඳිම, බනිස් කෑම, අලියාට ඇස තැබීම, සෙමින් බයිසිකල් පැදීම, බැලුම් පිපීරවීම ආදී සම්ප්‍රදායික ජන ක්‍රීඩා රැසකින් මෙම අලුත් අවුරුදු උත්සවය වර්ණවත් විය.

මෙම අලුත් අවුරුදු උත්සවයේ තරඟ ඉසව්වන් සඳහා ඉදිරිපත් වී ජයග්‍රහණය ලැබුවන් වෙනුවෙන් 12 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ත්‍යාග පිරිනමනු ලැබීය.

අලුත් අවුරුදු උත්සවය අවසානයේ දී යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.

මේ අතර, සන්ධ්‍යාවේ දී 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අධිරිද්ම සංගීත කණ්ඩායම විසින් වර්ණවත් සංගීත ප්‍රසංගයක් ද පවත්වනු ලැබීය.

Sports brands | Jordan Release Dates , Iicf