Header

Sri Lanka Army

Defender of the Nation

18th April 2018 16:40:36 Hours

18 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් හි දැනුම වර්ධනය සඳහා ‘පැරණි රජවරුන්’ පිළිබඳ දේශණයක්

මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකය යටතේ පවතින 18 වන ගැමුණු හේවා බලඇණීයේ භට පිරිස් විසින් මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ අධික්‍ෂණය යටතේ පවත්වන ලැබු බලඇණි පාඨමාලාවට සමගාමිව පුරාණ රජදරුවන් පිළිබදව ඉතිහාසගත කරුණු මතක ආවර්ජනය කිරිමේ අරමුණින් ‘කාවන්තිස්ස මහ රජතුමා’, ‘දුටුගැමුණු මහ රජතුමා’, ‘විහාර මහා දේවිය’ සහ ‘එළාර මහ රජතුමා’ යන රජවරුන් පිළිබඳ ඉදිරිපත් කිරිමක් සිදුකරන ලදි.

මෙම වැඩසටහන යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි දිවයින පුරා සේවයේ නියුතු සියළුම යුද්ධ හමුදාවේ නිලධාරි සහ සෙසුනිලයින්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරිමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් සී.එස් මුණසිංහ සහභාගි වු අතර එතුමන් විසින් ඉදිරිපත් කිරිම් සිදුකරන ලද භට පිරිස් ඇගයිමට ලක් කරන ලදී.

මෙම වැඩසටහන අවසානයේ පැවති ප්‍රශ්ණ හා පිළිතුරු සැසිය මගින් මෙම විෂය සබැදි ඔවුන්ගේ දැනුම තවදුරටත් වර්ධනය විය.

best Running shoes | Nike Shoes