Header

Sri Lanka Army

Defender of the Nation

17th April 2018 14:44:57 Hours

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද පවුලේ විනෝද චාරිකාව බොහෝ දෙනාගේ ආකර්ශණය දිනාගනි

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය මගින් දෙවන වරටත් සංවිධානය කරන ලද විනෝද චාරිකාව සඳහා එම මුලස්ථානය යටතේ සේවයේ නියුතු හමුදා සාමාජිකයන්ගේ පවුල්වල ඥාතින් එක් වූ අතර එම චාරිකාව තුලින් ඔවුන්ට අනුරාධපුර, මිහින්තලේ, තන්තිරිමලේ, මඩු සහ වැලිඔය යන පූජනීය හා ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථානයන් දැක බලාගැනීමට මෙන්ම වන්දනා කිරීමටත් හැකියාව ලැබුණි.

මෙම තුන්දින සංචාරය (අප්‍රේල් මස 6 – 8 ) සඳහා වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු කොමිෂන් නොලත් නිලධාරින්, සාමාන්‍ය සෙබළුන් සහ සිවිල් සේවකයින්ගේ පවුල් 29 ක සාමාජිකයින් 133 දෙනෙකු සහභාගි වුහ. චාරිකාව සඳහා එක්වුවන් සඳහා ආහාර පාන, ඉදුම් හිටුම්, ප්‍රවාහන සහ අනෙකුත් අවශ්‍යතා නොමිලේ සපයාදුන් අතර ඕනෑම හදිසි අවශ්‍යතාවයකදී වෛද්‍ය සහායක සේවයක් ද සලසා දි තිබුණි.

මෙම චාරිකාව නව අවුරුදු සම්ප්‍රදායන්ට අනුකුලව සංවිධානය කරන ලද අතර චාරිකාව සඳහා පිටත්වීමට පෙර වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත පැමිණි හමුදා සාමාජිකයින්ගේ පවුලේ ඥාතින් අලංකාරවත් පෙරහැරකින් පිලිගන්නා ලදී. තවද චාරිකාවේ නියැලෙන අයවළුන් සඳහා ආශිර්වාද එක් කරමින් උඩරට නර්තන ශිල්පින්ගේ නර්තනයක් ද ඉදිරිපත් කරන ලදී.

දින තුනක සංචාරය නිම කරමින් නැවත වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත පැමිණි මොවුන් තම නිවෙස් කරා යාමට ප්‍රථමයෙන් රාත්‍රි භෝජන සංග්‍රහයක් සහ කෙටි සංගිත ප්‍රසංගයකද ආශ්වාදය ලබන ලදී. එහිදි පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ සහ විශේෂ ත්‍යාග ද පිරිනමන ලදී.

එදින සන්ද්‍යාවේදි කුසපත් ඇදිමක් ද සිදුකරනු ලැබු අතර මේ අවස්ථාව සඳහා වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සමගින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද එක් ව සිටියහ.

latest Nike Sneakers | Womens Shoes Footwear & Shoes Online