17th April 2018 13:25:16 Hours
උදාවු සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අම්පාර, 24 වන සේනාංක නිලධාරින් හා සෙසුනිලයින් විසින් අම්පාර ‘සරණ’ වැඩිහිටි නිවාසය වෙත දිවා භෝජන සංග්‍රහයක් සෙනසුරාදා (14) දින පිරිනමන ලදී.
එම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 35 දෙනෙකු පමණ සිටින අතර ඔවුන් දිවා ආහාරය භුක්ති විඳිමින් ඔවුන්ගේ පැරණි මතකයන් හමුදා භට පිරිස් සමගින් හුවමාරු කරගන්නා ලදී. තමාගේම දු දරුවන් මෙන් ඔවුන් හට සළකන ලද හමුදා භට පිරිස් සමගින් සමහර වැඩිහිටියන් ඉතාමත් හැගුම්බරව සිය මතකයන් ආවර්ජනය කරන ලද අතර දිවා භෝජන සංග්‍රහයෙන් අනතුරුව ඔවුන් වෙත වටිනා ත්‍යාග පර්සල් ද පිරිනමන ලදී.
මෙම වැඩසටහන අවසානයේ 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් සපයන ලද සංගීත රාවයන්ට වැඩිහිටි පිරිස් විසින් විචිත්‍රවත් නර්තනයන් ඉදිරිපත් කරන ලදී.
මෙම වැඩසටහන 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ විසින් අධික්‍ෂණය කරන ලදී.
Best Authentic Sneakers | adidas garwen spezial white shoes - New In Shoes for Men