17th April 2018 10:45:38 Hours
විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛණවලට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි සඳුදා (16) දින භාර ගන්නා ලදි.
මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි වශයෙන් පත්විමට ප්‍රථම කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති ධුරයේ රාජකාරි සිදුකරන ලදී. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි විය.
මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ ජීව දත්ත පිළිබඳ කෙටි විස්තරය පහත සදහන් පරිදි වේ;
මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, සිය ද්විතික අධ්‍යාපනය කොළඹ 7, රාජකීය විද්‍යාලයෙන් සම්පුර්ණ කර 1983 අප්‍රේල් මස 27 වන දින කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත බැදී දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ මුලික කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 18 A සාර්ථකව හදාරා දෙවන ලුතිනන් වරයකු වශයෙන් අධිකාරියට පත්වීමෙන් පසු 1985 අප්‍රේල් මස 19 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය වෙත එක්විය.
මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ජාතික ආරක්‍ෂාව, මානව සම්පත් කළමණාකරනය, සන්නද්ධ හා සන්නද්ධ නොවන පුහුණු, මානුෂීය හදිසි සහන සේවා, ආපදා අවදානම අවම කිරිම, තරුණ සංවර්ධනය, පරිපාලනය සහ භට කාර්ය සම්පාදන ක්‍රමෝපායන්, මෙහෙයුම් සහ මුලික යුධෝපායන් මට්ටම් පිළිබඳව සුවිශේෂි දායකත්වයක් ලබා දී ඇත.
කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති ධුරය ඇතුළුව විවිධ තනතුරු රැසක් හොබවන ලද මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන 61, 55 සහ 68 යන පාබල සේනාංකයන් හි සේනාංකාධිපති ධුරය සහ 217, 212 සහ 233 යන පාබල බලසේනාංකයන් හි බලසේනාධිපති මෙන්ම කැරළි කෝලාහල පැවති සමයේ 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ යුද්ධ හමුදා මුලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි ලෙසත්, හයිටි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක බල ඇණියේ අණදෙන නිලධාරි වශයෙන් ද කටයුතු කර ඇත.
ඔහු බංගලාදේශයේ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ උපාධිධරයෙකු වන අතර වියට්නාමයේ ජාත්‍යන්තර ආරක්‍ෂක ජ්‍යෙෂ්ඨ නිලධාරි පුහුණුව ද හදාරා ඇත.
මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් සිදුකරන ලද විශිෂ්ඨ සේවාව අගයමින් උත්තම සේවා පදක්කමින් ද පිදුම් ලබා ඇත.
දක්ෂ ක්‍රීඩකයෙකු වන ඔහු මුෂ්ටි ප්‍රහාරක සහ රග්බි ක්‍රිඩාවන් සඳහා මෙන්ම තම කණ්ඩායම වෙනුවෙන් උපරිම සේවය ලබාදිමට විශේෂ ලැදියාවක් දක්වයි.
ඔහු අනුජා කාරියකරවන මහත්මිය සමඟ යුග දිවියට පත්ව ඇත.
latest Running | nike air max 95 obsidian university blue book list