Header

Sri Lanka Army

Defender of the Nation

17th April 2018 10:34:40 Hours

යුද්ධ හමුදාවෙන් බිහිවු ලෝකඩ පදක්කම්ලාභි කෝප්‍රල් බණ්ඩාර නැවතත් සිය මව් රටට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බිහිවු ලෝක ශ්‍රේණිගත මුෂ්ටි ප්‍රහාර ක්‍රිඩකයෙකු වන ඉංජිනේරු සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඉෂාන් බණ්ඩාර යුද්ධ හමුදාවට මෙන්ම තම දේශයට කීර්තියක් අත්පත් කර දෙමින් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පවත්වන ලද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2018 හීදි කිලෝග්‍රෑම් 52 බර පන්තිය යටතේ පැවති මුෂ්ටි ප්‍රහාරක අර්ධ අවසන් වටයේ තරගයේදී ඔහුගේ ප්‍රතිවාදියා වු ඉන්දියානු ක්‍රිඩක ගෞරව් සොලන්කි පරදවමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනිමට සමත් විය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල සඳහා සහභාගි වු ලාන්ස් කෝප්‍රල් ඉෂාන් බණ්ඩාර ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම ඉරිදා (15) දින සන්ධ්‍යාවේදි දිවයිනට පැමිණි අතර ඔවුන් පිලිගැනිමේ උත්සවයක් කොළඹ ගුවන් තොටුපල පරිශ්‍රයේදි පවත්වන ලදී.

ගෝල්ඩ් කෝස්ට් හි පැවති මෙම තරගයේදි කෝප්‍රල් බණ්ඩාර සිය ප්‍රතිවාදි ඉන්දියානු ක්‍රිඩකයා සමඟ තරග වදිද්දි ඔහුට රන් හෝ රිදි පදක්කමක් වත් හිමි වේ යැයි විශ්වාසයක් නොතිබිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරක කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් මෙම යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරක ක්‍රිඩකයාගේ ජයග්‍රහණය පසුපස සෙවණැල්ල සේ සිටි අතර යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ආශිර්වාදය මත 2010 වසරේ සිට යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරක ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ පුහුණුකිරිම් කටයුතු සඳහා රුපියල් මිලියන 3 කට වැඩි මුදලක් වැය දරමින් උස්බෙකිස්ථානය, නෙදර්ලන්තය, යුක්රේනය, කසකස්ථානය, පෝලන්තය සහ ෆින්ලන්තය වැනි විදේශිය රාජ්‍යයන් වෙත යවා ඔවුන් හට අවශ්‍ය පුහුණුව ලබා දි ඇත.

යුද්ධ හමුදාවේ සහයෝගය ඇතිව යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරක පුහුණුකරු වන බලලත් නිලධාරි 1 සම්පත් ජයතිලක විසින් කෝප්‍රල් බණ්ඩාර වෙත ඔහුගේ ශාරිරික හා සෞඛ්‍ය තත්වය මනා ලෙස පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පෝෂණය සහ උපකරණ හා උපදෙස් ලබාදීම සිදුකරනු ලබයි.

ජාත්‍යන්තර මුෂ්ටි ප්‍රහාරක තරඟාවලියකදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයෙකු විසින් දිනා ගත් එම ලෝකඩ පදක්කම එම තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලද ප්‍රථම අවස්ථාව වේ.

එසේම 4 වන කොමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් යුද්ධ හමුදා බර එසවිමේ ක්‍රිඩක කෝප්‍රල් ජේ.ඒ.සි ලක්මාල් ද 21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේ පිරිමි කිලෝග්රෑම් 56 බර පන්තිය යටතේ ලෝකඩ පදක්කම දිනාගත් අතර ඔහු යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයිමට ලක්විය.

පසුගිය ඉරිදා (15) දින කොළඹ ගුවන්තොටුපල වෙත පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනිම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරින්, යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරක කමිටුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ යුද්ධ හමුදා නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

Asics shoes | Nike