Header

Sri Lanka Army

Defender of the Nation

04th April 2018 11:26:38 Hours

කොමිෂන් නොලත් නිලධාරින්ගේ වෘත්තීය සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද ශාන්තිකර මූලස්ථානයේ සැරයන් මේජර් දැනුවත් කෙරේ

එක්සත් ජනපද ශාන්තිකර මූලස්ථානයේ අණදෙන ජ්‍යෙෂ්ඨ නායක (Command Senior Enlisted Leader) සැරයන් මේජර් ඇන්තනි ස්පැඩරෝ (Sergeant Major Anthony Spadaro) සමඟින් කොමිෂන් නොලත් නිලධාරී සැරයන් පළමු පන්තියේ මෙහෙයුම් කෙවින් සැන්ටිටීස් (Sergeant First Class Kevin Sanetiez), එක්සත් ජනපද ශාන්තිකර මූලස්ථානයේ මාස්ටර් සැරයන් රාචෙල් ලකී (Master Sergeant Rachel Lackey), මෙහෙයුම් සම්බන්ධීකාරක පළමු පන්තියේ සුළු නිලධාරී ඉසෝසා ඕසෙම්වොතා (Petty Officer First Class Eseosa Osemwota) සහ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශක කාරින් ග්ලිස්නර් මහත්මිය (Ms Karin Gleisnar) අද (03) උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමු වී ඉන්දු-ආසියා පැසිෆික් කලාපයේ හමුදා දෘෂ්ඨිකෝණය සහ වෘත්තීය සංවර්ධන අපේක්ෂාවන් පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය.

එක්සත් ජනපද දූත පිරිස, යුද්ධ හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් බළලත් නිලධාරී - I සුමිත් විජේසිංහ හමුවී ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර්වරයෙකුගේ භූමිකාව පිළිබඳ අදහස් හුවමාරු කරගත්හ.

අනතුරුව පැවති සාකච්ඡාවේ දී එක්සත් ජනපද දුත පිරිස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරින්ගේ වෘත්තීමය සංවර්ධනය පිළිබඳ අවධානයක් යොමුකර මෙහෙයුම් කටයුුතු, ආරක්ෂාව හා සංවර්ධන කටයුතු වල ප්‍රගතිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් පුහුණු වැඩසටහන් පිළිබඳව ද විමසා සිටිනු ලැබීය. එක්සත් ජනපද ශාන්තිකර හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර අන්නෝන්‍ය සබඳතාවය වර්ධනය කරමින් ද්වීපාර්ශවීක වශයෙන් වැදගත් කරණු රැසක් පිළිබඳ මෙහිදි වැඩිදුරටත් සාකච්ඡා කළහ.

මෙම සුහද හමුව, විදේශ කටයුුතු අමාත්‍යංශයේ සහ ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමකට අනුව ආරක්ෂක සහයෝගීතාවය, අනාගත මෙහෙයුම් සහ වෘත්තීය සංවර්ධන අපේක්ෂාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබීය.

මෙම සුහද හමුව අවසානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක දුත පිරිස වෙත සුභපැතුම් එක් කල අතර එක්සත් ජනපද ශාන්තිකර මූලස්ථානයේ අණදෙන ජ්‍යෙෂ්ඨ නායක සැරයන් මේජර් ඇන්තනි ස්පැඩරෝ (Sergeant Major Anthony Spadaro) වෙත සංකේතාත්මක සමරු තිළිණයක් ද ප්‍රදානය කළහ.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම සුහද හමුව සඳහා පුහුණු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් අරුණ වන්නි ආරච්චි ද එක්ව සිටියහ.

ආරක්ෂාව සම්බන්ධ සහයෝගිතාවයන්, සාමකාමී සංවර්ධනය දිරිමත් කිරීම, හදිසි අවස්ථාවලට ප්‍රතිචාර දැක්වීම සහ වෘත්තීය සංවර්ධන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම එක්සත් ජනපද ශාන්තිකර මූලස්ථානයේ අණදෙන ජ්‍යෙෂ්ඨ නායක සැරයන් මේජර් ඇන්තනි ස්පැඩරෝ (Sergeant Major Anthony Spadaro) ගේ වගකීම වේ.

තවද මෙම නියෝජිත පිරිස සිය ශ්‍රී ලංකා සංචාරයේ දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති ද හමුවීමට නියමිතය.

Buy Sneakers | Air Jordan Release Dates 2020