Header

Sri Lanka Army

Defender of the Nation

02nd April 2018 15:20:28 Hours

65 වන සේනාංකයෙන් ශ්‍රමදාන වැඩසටහනක්

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 651 බලසේනාවට අයත් 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් සිකුරාදා (27) දින ජයපුරම් ප්‍රාථමික වෛද්‍ය සේවා ඒකක පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා සහයෝගය ලබාදෙනු ලැබීය.

රෝහල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ 100 කට ආසන්න භට පිරිසක් සිය කැමැත්තෙන්ම මෙම වැඩසටහන සඳහා සහභාගි වී රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන ලදි.

තවද, මෙම ශ්‍රමදාන වැඩසටහන කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ මඟපෙන්විම මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා පිරිස් ගේ අධික්ෂණය මත සංවිධානය කරනු ලැබීය.

Running Sneakers | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival