Header

Sri Lanka Army

Defender of the Nation

03rd April 2018 13:25:22 Hours

නැගෙනහිර පළාතේ පළමු කාන්තා පොලිස් නිලධාරීනියගේ අවමංගල්‍ය උත්සවයට යුද්ධ හමුදාවේ සහාය

හදිසියේ අභාවප්‍රාප්ත වූ උප පොලිස් පරීක්ෂකවරියක (Sub Inspector) ලෙස සේවය කළ නැගෙනහිර පළාතේ පළමු කාන්තා පොලිස් කොස්තාපල් (Woman Police Constable) කිරුබරානි යෝගරාජා මහත්මියගේ (කාන්තා පොලිස් කොස්තාපල් 1891) අවමංගල්‍ය කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව සිදුකිරීම සඳහා මඩකලපුව ප්‍රදේශයේ ස්ථානගත 23 වන සේනාංකය යටතේ ස්ථාපිත 231 වන බලසේනාවේ භට පිරිස් සිය දායකත්වය දක්වනු ලැබීය.

මඩකලපුව පොලිස් ස්ථානයේ කාන්තා උප පොලිස් පරික්ෂක කිරුබරානි යෝගරාජා මහත්මිය (59) වර්ෂ 1979 මාර්තු මස 3 වන දින සිය ද්විතික අධ්‍යාපනය හැදැරීමෙන් අනතුරුව නැගෙනහිර පලාතේ පළමු කාන්තා පොලිස් කොස්තාපල්වරිය ලෙස ඉතිහාසගත වෙමින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට එක් විය.

මෙම කාන්තා උප පොලිස් පරික්ෂකවරිය, පොලිස් නිලධාරියෙකු (මේවන විට විශ්‍රාමික) හා විවාහ වී සිටින අතර ජානකි (26) හා ජයපාලන් (23) නමින් ඔවුනට දරුවන් දෙදෙනෙකු වේ. ඔවුන්ගෙන් ජානකී මහත්මිය යුද්ධ හමුදා මූලස්ථාන ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ ලිපිකරුවෙකු මෙන්ම පරිගණක ක්‍රියාකාරිණියක ලෙස සේවය කරන අතර, ඇගේ මව හදිසියේ අසනීප වී ඇත්තේ නිදන්ගත වකුගඩු රෝගයකින් බව මඩකලපුව රෝහල විසින් හඳුනාගෙන ඇත.

මවගේ රෝගී තත්වය බරපතල වූ හෙයින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ලාන්ස් කෝප්‍රල් ජානකී යෝගරාජා විසින් කොළඹ යුද්ධ හමුදා රෝහලට ඇතුළත් කරන ලදි. නමුත් වෛද්‍යවරුන් විසින් ඇගේ මවගේ ජීවිතය බේරා ගැනීමට උපරිම උත්සාහයක් ගත්ත ද බලාපොරොත්තු සියල්ල බිඳවැටෙමින් 2018 මාර්තු මස 24 දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ දී කිරුබරානි යෝගරාජා මහත්මිය අභාවප්‍රාප්ත විය.

යුද්ධ හමුදා මූලස්ථාන ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු විසින් ඔහුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත ලබාදුන් උපදෙස් මත රෝහල් බලධාරීන්, පොලිස් නිලධාරීන් හා මඩකලපුව හි පිහිටි 231 බලසේනා මූලස්ථානය සමග සම්බන්ධව මඩකළපුව කල්ලියාන්කඩු දේවස්ථාන භූමියේදී අවමංගල්‍ය කටයුතු සිදු කරන ලදි.

එසේම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සාමාජිකයින් විසින් 2014 වර්ෂයේ යුද්ධ හමුදාවට බැඳුණු ලාන්ස් කෝප්‍රල් ජානකි ගේ කැමැත්ත අනුව අවමංගල්‍ය කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලදි.

231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සෙනරත් නිවුන්හැල්ල ගේ උපදෙස් මත එම බලසේනා භට පිරිස් විසින් දේහය මඩකලපුව පිහිටි නිවස වෙත ගෙන ඒමට පෙර තාවකාලික හට්ස් (huts) සහ ආසන පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් සහ අනෙකුත් සියලුම පහසුකම් සලසාදෙමින් අවශ්‍ය කටයුතු සංවිධානය කරනු ලැබීය. එසේම යුද්ධ හමුදාව විසින් මාර්තු මස 24 සිට 26 දක්වා තෙදිනක් පුරා අවශ්‍ය ආහාර පාන සහ බිස්කට් ඇතුලු අනෙකුත් අවශ්‍යතා සලසා දෙන ලදි.

නැගෙනහිර පළාතේ පළමු කාන්තා පොලිස් කොස්තාපල් කිරුබරානි යෝගරාජා මහත්මියගේ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් මඩකලපුව පොලිස් ස්ථානයෙන් ද සිය පූර්ණ සහයෝගය ලබාදෙනු ලැබීය.

කතෝලික පූජකවරුන්, මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගරු සීනිතම්බි යෝගේෂ්වරන් මහතා, මඩකලපුව දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ඩි.කේ.එෆ් ජයසේකර මහතා, 231 බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදාවේ සහ 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාව සඳහා පැමිණ සිටියහ.

jordan release date | Men’s shoes