02nd April 2018 13:32:40 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුෂිත පනන්වල ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට ‘ගිනි නිවීම හා මානව හිමිකම්’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් එම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී මාර්තු මස 28 සහ 29 දිනයන්හිදි පැවැත්විණි.
මෙහිදි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කපිතන් එන්.ඩී.පි.අයි ද සිල්වා විසින් ගිනි නිවීම පිළිබඳ දේශනයක් පැවැත් වූ අතර ගින්න පාලනය කිරීමේ වැදගත්කම සහ ගිනි නිවන උපකරණ භාවිතය පිළිබඳව ද පැහැදිලි කළහ.
පුහුණු දින වැඩසටහනට සමගාමීව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයේ සම්බන්ධීකාරක එම්. රෝහිත ප්‍රියදර්ශන මහතා සහ වවුනියාව ප්‍රාදේශීය කාර්යාලයේ සම්බන්ධීකාරක නිරෝෂි ප්‍රියංගා මහත්මිය විසින් බදාදා (29) දින ‘මානව හිමිකම් සහ මානුෂීයවාදි නීතිය’ පිළිබඳ දේශනයක් පවත්වනු ලැබීය.
පුහුණු දින වැඩසටහනට සහභාගි වූ යුද්ධ හමුදා සාමාජිකයින්ට මානුෂීයවාදි නීතිය පිළිබඳ මනා දැනුමක් ලබාගැනීමට හැකිවිය.
Best jordan Sneakers | Releases Nike Shoes