Header

Sri Lanka Army

Defender of the Nation

02nd April 2018 15:53:35 Hours

යාපනය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා මහන මැෂින් බෙදාදෙයි

යාපනය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා මහන මැෂින් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් බදාදා (28) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ඉල්ලීමකට අනුව මොහාන් ශන්කර් මහතා සහ වදනි ශන්කර් මහත්මියගේ මූල්‍යමය සහයෝගය ඇතිව මෙම පරිත්‍යාගය සිදු කරනු ලැබීය.

මෙම උත්සවය 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් සංවිධානය කරන ලදී.

යාපනය ප්‍රදේශයේ පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාවන් 15 දෙනෙකුගේ ජිවන තත්ත්වය ඉහළ නංවාලීම සඳහා ස්වයං රැකියාවක් ලෙස භාවිතා කිරීමට නව මහන මැෂින් නොමිලේ ලබාදෙනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන් මෙහිදි අදහස් දක්වමින් ජනවාර්ගික හා ආගමික සංහිඳියාව යළි ස්ථාපිත කිරීමේ වැදගත්කම සහ යාපනය ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් පිළිබඳව ද අවධාරණය කළහ.

තවද එතුමන්, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාවන්ගේ ජිවන තත්ත්වයන් ඉහළ නංවාලීම සඳහා ආරක්ෂක හමුදාවන් අර්ධද්වීපයේ දමිළ ප්‍රජාව වෙනුවෙන් කරනු ලබන කාර්යභාර්ය පිළිබඳව එහිදි වැඩිදුරටත් පැවසීය. මෙම උත්සවයේ දී අදහස් දැක්වු ශන්කර් මහතා ‘මෙම උතුම් කාර්යයේ කොටස්කරුවෙකු ලෙස එක්වීමෙන් තමන් සතුටට පත් වන අතර යුද්ධ හමුදාව දමිළ ප්‍රජාව වෙනුවෙන් කරනු ලබන දායකත්වය අගය කළහ.’

මෙම අවස්ථාව සඳහා යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන්, මොහාන් ශන්කර් මහතා, වදනි ශන්කර් මහත්මිය, ප්‍රතිලාභි පවුල්වල සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද එක්ව සිටියහ.

jordan release date | Air Jordan 1 Retro High OG Retro High OG Hyper Royal 555088-402 , Fitforhealth