Header

Sri Lanka Army

Defender of the Nation

02nd April 2018 13:33:40 Hours

මධ්‍යම භට පිරිස් ‘උඩවැඩියා’ වගාවට සුදානම්

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකය විසින් සංවිධානය කරනු ලබන ‘උඩවැඩියා (ඕකිඩ්) මල් වගාව’ පිළිබඳ අධ්‍යාපනික වැඩමුළුවක් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට සහ අනෙකුත් සිවිල් සංවිධානවල කාන්තාවන් සඳහා මහනුවර පළාත් කලා සංගමය විසින් පවත්වනු ලැබීය.

උඩවැඩියා මල් වගා කිරීම තුලින් ලැබෙන ආර්ථීක ප්‍රතිලාභ සහ අනෙකුත් ක්ෂේත්‍ර අවශ්‍යතාවයන් පිළිබඳ මෙහිදි අවධානය යොමු කෙරිණි.

චම්පිකා සුදසිංහ මහත්මිය විසින් උඩවැඩියා වගාව පිළිබඳ දේශනයක් පැවැත්වු අතර ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නියෝජිතයින් විසින් වගාවන් සඳහා අවැසි මූල්‍ය ආධාර ලබාදීම පිළිබඳව දේශනයක් ද පවත්වනු ලැබීය. මෙම වැඩමුළුව සඳහා සහභාගි වූ සාමාජිකයින්ට යුනිපවර් සමාගම (Unipower Company Limited) විසින් පොහොර සහ අනෙකුත් වගා ක්‍රම පිළිබඳව ද දැනුවත් කරන ලදී.

11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය සහභාගි විය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සහ මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ ආශිර්වාදය ඇතිව මෙම ව්‍යාපෘතිය පවත්වනු ලැබීය.

Nike shoes | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C