Header

Sri Lanka Army

Defender of the Nation

02nd April 2018 13:28:59 Hours

යාපනය වොලිබෝල් තරඟාවලියේ ශුරතාවය 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවට

යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන වොලිබෝල් තරඟාවලියේ අවසන් මහා තරඟය එම ආරක්ෂක සේනා මූලස්ථාන ක්‍රීඩාංගනයේ දී සඳුදා (26) දින පැවැති අතර එහිදි තියුණු තරඟයකින් අනතුරුව 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායම පරාජයට පත්කරමින් තරඟයේ ශුරතාවය හිමිකරගැනීමට 4 වන විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම සමත්විය.

නිලධාරින් සහ සෙසුනිලයින්‍අතර ක්‍රීඩාශීලිත්වය හා සහයෝගිතාවය වර්ධනය කිරීමේ අරමුණින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මඟපෙන්වීම මත 511 වන බලසේනාව විසින් සංවිධානය කරනු ලැබු මෙම වොලිබෝල් තරඟාවලිය සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුුතු වොලිබෝල් කණ්ඩායම් 32 ක් සහභාගි විය.

මෙම තරඟාවලියේ දී 4 වන විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම ශුරතාවය හිමිකරගත් අතර අනුශුරතාවය 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායමට හිමිවිය. තරඟාවලියේ තෙවන ස්ථානය 2 වන සන්නද්ධ බුද්ධි බලකා කණ්ඩායම විසින් හිමි කරගත්හ.

තරඟාවලියේ සෑම අතින්ම දක්ෂතම ක්‍රීඩකයා ලෙස 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළ එම්. සුදේෂ් ද හොඳම ප්‍රහාරකයා (Best Dasher ) ලෙස 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සැරයන් ඩබ්ලිව්.ජි.සී. ප්‍රේමකුමාර ද තේරිපත් විය. එමෙන්ම, තරඟාවලියේ හොඳම පිරිනමන්නා සහ හොඳම ලිබරෝ (Libero) ක්‍රීඩකයා ලෙස පිළිවෙලින් 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළ හේරත් සහ 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කෝප්‍රල් පී.එම්.එස්.ඒ. පතිරාජ තේරිපත් විය.

තරඟාවලියේ අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ජයග්‍රාහකයින්ට කුසලාන සහ සහතිකපත් පිරිනැමීය.

මෙම අවස්ථාවට 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගි විය.

Sports brands | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ