Header

Sri Lanka Army

Defender of the Nation

02nd April 2018 13:34:47 Hours

වට්ටප්පලේයි අම්මාන් කෝවිල පිරිසිදු කිරීම සඳහා භට පිරිස්හි සහය

මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ භට පිරිස්, මූලතිව් වට්ටප්පෙලේයි කන්නගි අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් මාර්තු මස 22 සිට 25 දින දක්වා පවත්වනු ලැබීය.

 

මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය, පූජාවන් පැවැත්වීම සඳහා පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැලසීමේ අරමුණින් පවත්වනු ලැබු අතර එම ප්‍රදේශයේ ජනතාව සහ 59 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හි භට පිරිස් එක්ව කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ සහ අලුත්වැඩියා කිරීමේ කටයුතුවල නිරත වූහ.

 

59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය ගේ මූලිකත්වයෙන් පැවැති මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය සඳහා නිලධාරින් සහ සෙසුනිලයින් 100 කට අධික පිරිසක් සහභාගි වූහ.

 

මෙම ආගමික උත්සවයේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් මූලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු විසින් ශ්‍රමදාන වැඩසටහන සඳහා සිය පූර්ණ සහයෝගය ලබාදුනී.

best Running shoes | Sneakers