Header

Sri Lanka Army

Defender of the Nation

02nd April 2018 15:21:58 Hours

යුද්ධ හමුදා භට පිරිස් මහනුවර ප්‍රදේශයේ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතින්හි තවදුරටත්

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් යුද්ධ හමුදා සාමාජිකයින් 150 කට අධික පිරිසක්, මහනුවර ප්‍රදේශයේ පසුගියදා ඇතිවූ කලහකාරී සිදුවීමෙන් විනාශයට පත්වූ දේපල හා සුන්බුන් ඉවත් කිරීමේ වැඩසටහන් මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත මාර්තු මස 28 සිට 30 දින දක්වා ක්‍රියාත්මක කරනු ලැබීය.

විනාශයට පත්වූ දේපළ තක්සේරු කිරීමෙන් පසු, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ මූලිකත්වයෙන් කටුගස්තොට නගරයේ සිට කුරුණෑගල දක්වා මාර්ගය දෙපස හානියට පත්වූ දේපළ ප්‍රමුඛත්වයක් මත පිරිසිදු කර යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරනු ලැබීය.

එම සිදුවීමෙන් විනාශය පත්වූ දේපළ නැවත ප්‍රතිසංස්කරණය කරදීමට අවැසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට යුද්ධ හමදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානානයක මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිතුමන් වෙත උපදෙස් ලබාදෙන ලදී.

අඳාල උපදෙස් අනුව, මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ සමීප සම්බන්ධතාවයෙන් යුතුව මෙම පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළහ.

භට පිරිස් දිගන-කෙන්ගල්ල මාර්ගය දෙපස බදාදා (28) දින සන්ධ්‍යාවේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ සහයෝගය ඇතිව පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරනු ලැබීය.

මහනුවර ප්‍රදේශයේ පසුගියදා ඇති වූ කලහකාරී සිදුවීමෙන් විනාශයට පත් දිගන, අකුරණ, ගලහ, කටුගස්තොට, මැණික්හින්න, අඹතැන්න, පූජාපිටිය ඇතුළු අනෙකුත් ප්‍රදේශයන් යථා තත්ත්වයට පත් කිරීම සහ විනාශයට පත් දේපළ අලුත්වැඩියා කිරීමෙහි දුෂ්කර අභියෝගය භාරගෙන සිටින මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ සාමාජිකයින් එම කටයුතු නිළ අවශයෙන් සති කිහිපයකට පෙර ආරම්භ කරන ලදි.

මේ වනවිටත් එම භට පිරිස් යුද්ධ හමුදාවේ යන්ත්‍රෝපකරණ උපයෝගී කරගනිමින් සිය කාර්යභාර්යය ඉටු කරනු ලබන අතර, එමඟින් රජයේ සහ මහ නගර සභාවේ විශාල මුදලක් ඉතිරි වනු ඇත.

trace affiliate link | Hats to Match Jordans Hyper Royal Bulls Hat