26th March 2018 16:38:51 Hours
2004 වර්ෂයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින් සඳහා පළමු භට කණ්ඩායම් පිටත් කර යැවීමෙන් අනතුරුව මේ වනවිට ශ්‍රී ලංකාව එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින් සඳහා භට කණ්ඩායම් යෙදවීමට සුදුසුකම් ලැබු රාජ්‍යක් බවට පත්වී ඇත.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භට කණ්ඩායම් මේ වනවිට ලෙබනන් (UNIFIL), දකුණු සුඩානය (UNMISS), මාලි රාජ්‍යය (MINUSMA), අබ්යෙයි (UNISFA), නිව්යොර්ක් (UNHQ), මධ්‍යම අප්‍රිකානු රාජ්‍යය (MINUSCA) සහ බටහිර සහරා (MINURSO) රාජ්‍යයන්හි රාජකාරින් ඉටුකරනු ලබයි.
තවද, ලෙබනන් රාජ්‍යයේ සාම සාධක රාජකාරි සඳහා යොදවා ඇති භට පිරිසෙන් කොටසක් මුදවාහැරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් 150 දෙනෙක් පිටත්ව යාමට නියමිතව ඇති අතර මේ වනවිට හමුදා සාමාජිකයින් 49 දෙනෙකුගෙන් සමන්විත භට කණ්ඩායමක් 2018 පෙබරවාරි මස 18 සහ 19 දිනයන් හිදි දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.
එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් සාම සාධක රාජකාරින් සඳහා පිටත්ව යන යුද්ධ හමුදා සාමාජිකයින්ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙතින් නිශ්කාෂණ ලබාගෙන ඉදිරිපත් කරන ලෙසට අවධාරණය කර ඇත. අදාළ ක්‍රියාපටිපාටිය වෙනස්වීම් තුලින් ඉතිරිව ඇති යුද්ධ හමුදා සාමාජිකයින් 101 දෙනා එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි නිශ්කාශන ලබාගැනීමේ ක්‍රියා පිලිවෙත අනුගමනය කරමින් සිටියි.
ඒ අනුව සාම සාධක රාජකාරි සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් 101 දෙනෙකුගේ නිශ්කාෂණ මානව හිමිකම් කොමිෂන් සභාව වෙතින් ඉල්ලුම් කර ඇති අතර එම නිශ්කාෂණ ලැබීමෙන් අනතුරුව ඔවුන් දිවයිනෙන් පිටත්ව යාමට අපේක්‍ෂාවෙන් සිටියි.
Buy Kicks | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ