31st March 2018 14:15:38 Hours
යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සැඟවුණු දක්ෂතාවයන් ඔප්නංවමින් පවත්වනු ලැබු ‘Jaffna Got Talents’ ගායන හා නර්ථන තරඟාවලියේ අවසන් මහා තරඟය බ්‍රහස්පතින්දා (29) දින සන්ධ්‍යාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 6000 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
මෙම තරඟාවලිය අංශ දෙකක් යටතේ පැවැත්වූ අතර අවසන් තරඟකරුවන් හයදෙනා අතරින් නර්ථන අංශයේ ශුරතාවය හිමිකරගැනීමට 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලුතිනන් සී.ටී. ජෝසෆ් සමත්වූ අතර ගායන අංශයේ ශුරතාවය හිමිකරගැනීමට 4 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළ එච්.ඒ.පී.එම්.එම්. හෙට්ටිආරච්චි සමත්විය.
මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය විශාරද සමන්ත පෙරේරා මහතා, විශාරද නිහාල් ගම්හේවා මහතා, සංගීතවේදි ඇන්තනී සුරේන්ද්‍ර මහතා, රංගන ශිල්පිනි මීනා කුමාරි මහත්මිය, රංගන ශිල්පි හේමාල් රණසිංහ මහතා, සිනමාවේදි දේවින්ද කෝන්ගහගේ මහතා, ප්‍රවීණ රංගන වේදිනි ස්විනීතා වීරසිංහ මහත්මිය, ප්‍රවීණ රංගවේදි කමල් අද්දරාරච්චි මහතා, ප්‍රවීණ නිවේදිකා සුබුද්දි ලක්මාලි මහත්මිය යන විනිසුරු මඩුල්ලේ අධීක්ෂණයෙන් යුතුව පවත්වනු ලැබීය.
යාපනයේ දී පළමු වරට පැවැත්වූ හමුදාමය සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත වර්ණවත් ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සමඟින් සහභාගි වූ අතර ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සෙසුනිලයින් සහ විශේෂ ආරාධිතයින් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි විය.
අවසන් මහා තරඟයට සහභාගි වූ සමාජිකයින් හයදෙනා විසින් යාථාර්ථවාදි සිත් ඇඳගන්නා සුළු අංගයන් ඉදිරිපත් කරමින් නරඹන්නන් විශ්මිත කළහ.
ඵෛතිහාසික කලාත්මක භාවයකින් යුතු නූතන ආලෝකකරණ පද්ධතියකින් සමන්විත වූ වේදිකා පසුතලයේ දී ත්‍රිවිධ හමුදා විනෝදාස්වාද අංගයන්ගෙන් සහ වර්ණවත් නර්ථන අංගයන්ගෙන් මෙම උත්සවය වර්ණවත් විය.
සිත්ගන්නා සුළු සෞන්දර්යාත්මක අංගයන්ගෙන් සමන්විත වූ මෙම තරඟාවලිය අවසානයේ ප්‍රේක්ෂකයින් හඬ නගමින් ජයග්‍රාහකයන් තේරිමේ අවස්ථාවට සහයෝගය ලබාදුන්හ.
මෙම තරඟාවලියේ ‘නර්ථන අංශයේ’ ශුරතාවය හිමිකරගත් 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලුතිනන් සී.ටී. ජෝසෆ් සහ ‘ගායන අංශයේ’ ශුරතාවය හිමිකරගත් 4 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළ එච්.ඒ.පී.එම්.එම්. හෙට්ටිආරච්චි හට රුපියල් 100,000/= බැගින් මූල්‍ය ත්‍යාග හිමිවිය. තරඟයේ අංශ දෙකේම දෙවන සහ තෙවන ස්ථානයන්ට පිළිවලින් රුපියල් 50,000/= සහ 25,000/= බැගින් මූල්‍ය ත්‍යාග පිරිනැමීය.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සමඟින් කලාකරුවන් කිහිපදෙනෙකු ද ජයග්‍රාහකින් හට සම්මාන පිරිනැමීම සඳහා එක්ව සිටියහ.
Nike shoes | Jordan Shoes Sale UK