Header

Sri Lanka Army

Defender of the Nation

31st March 2018 14:19:08 Hours

අනුරාධපුරයේ දී යුද්ධ හමුදාධිපති ආශීර්වාද ලබාගනියි

යාපනය සංචාරයෙන් අනතුරුව කොළඹ බලා ගමන් ගන්නා අතරතුර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, සෙනසුරාදා (30) දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගනිමින් ආගමික ආශීර්වාද ලබා ගන්නා ලදි.

මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමා, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ, මිරිසවැටිය සහ රුවන්වැලි සෑය වන්දනා මාන කරගනිමින් අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම සිරිනිවාසාභිධාන නායක ස්වාමින් වහන්සේ හමු වූ අතර, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ යුද්ධ හමුදාපති විසින් ශ්‍රී මහා බෝධින් වහන්සේ වෙත සිවුරු පිරිකර පූජා කරන ලදි.

තවද යුද්ධ හමුදාධිපතිතුමා, අටමස්ථානාධිපති මෙන්ම නුවර කලාවිය ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය පල්ලේගම සිරිනිවාසාභිධාන නායක ස්වාමින් වහන්සේ වෙත ද පිරිකර පූජා කළ අතර, එහිදි උන්වහන්සේ සිය ආශීර්වාදය පුද කළහ.

ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපති මිරිසවැටිය හා රුවන්වැලිසෑය වැඳපුදා ගනිමින් පිළිවෙලින් එහි විහාරාධිපති හිමිවරුන් වන පූජ්‍ය ඇතාවැටුණුවැව ගුණරතන ස්වාමින් වහන්සේ සහ පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ ද බැහැදැක ආශිර්වාද ලබාගත්හ.

21 වන සේනාංකයේ සේනාංකධිපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම තවත් නිලධාරීන් ද මේ සඳහා එක්ව සිටියහ.

Best jordan Sneakers | Nike Shoes