31st March 2018 10:52:52 Hours
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යායතනයේ දෙවන වාර්ෂික අධ්‍යයන සැසිය ඉරිදා (25) දින කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී සාර්ථකව අවසන් විය.
‘හමුදා වෛද්‍ය විද්‍යාව සමකාලීන වෛද්‍ය විද්‍යාවට වින්‍යානුකූල ප්‍රවේශයක්’ (Military Medicine, a disciplined approach to contemporary medicine) මෙම වසරේ තේමාව විය. සමාරම්භක උළෙල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමාගේ අනුග්‍රහය ඇතිව පැවැත් වූ අතර, අතිගරු ජනාධිපතිතුමා විදේශගතව සිටි බැවින් එතුමන් නියෝජනය කරමින් ජනාධිපති ලේකම් ඕස්ටින් ප්‍රනාන්දු මහතා සහභාගි විය.
සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ග්‍රෑන්ඩ් බෝල්රූම් ශාලාවේ දී පැවති මෙම සැසිය සඳහා ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති, ජාත්‍යන්තර හමුදා වෛද්‍ය කමිටුවේ සභාපති, ඉන්දියාවේ සහ පකිස්තානයේ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, නේපාලය, ඕමානය සහ එක්සත් රාජධානියේ හමුදා වෛද්‍ය සේවාව නියෝජනය කරමින් නියෝජිතයින් ද සහභාගි වූහ.
මෙම සැසියේ සම්භාවනීය අමුත්තා ලෙස කැලණිය විශ්වවිද්‍යාල වෛද්‍යපිඨයේ මහාචාර්ය මෙන්ම කොළඹ විශ්වවිද්‍යාල පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ජනක ද සිල්වා සහභාගි විය.
එහිදි ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යායතනයේ සභාපති මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ විසින් ‘ශ්‍රී ලංකාවේ හමුදා වෛද්‍ය විද්‍යාවේ පරිණාමය’ (Evolution of Military Medicine in Sri Lanka) නමින් පුරාතනයේ සිට වර්තමානය දක්වා හමුදා වෛද්‍ය විද්‍යාවේ සංවර්ධනය පිළිබඳ දේශනයක් ද පවත්වන ලදි.
සමාරම්භක උත්සවය සඳහා විශාල පිරිසක් සහභාගි වූ අතර, යුද, නාවික හා ගුවන් හමුදා සංස්කෘතික කණ්ඩායම් මෙන්ම නාවික හමුදා වාදක කණ්ඩායම ඔවුන්ගේ විනෝදාස්වාදය සඳහා විවිධ අංගයන් ද ඉදිරිපත් කළහ.
මාර්තු මස 24 සහ 25 යන දිනයන්හි දි පැවැත් වූ මෙම දෙදින අධ්‍යයන සැසිය සඳහා ඉන්දියාව, පකිස්තානය, නේපාලය, බංගලාදේශය, ඕමානය සහ එක්සත් රාජධානිය නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් ද සහභාගි වූහ.
තවද ‘සංග්‍රාමික වෛද්‍ය සහාය ; පරමාදර්ශය සහ විකාශන මූලෝපාය වෙනස්විම’ (Combat Medical support; Changing paradigm and evolving strategy) පිළිබඳ මෙහි ප්‍රධාන දේශනය ජාත්‍යන්තර හමුදා වෛද්‍ය කමිටුවේ සභාපති ලුතිනන් ජෙනරාල් බිපින් පුරී (Lieutenant General Bipin Puri) විසින් සිදු කළහ.
ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍ය විද්‍යාලය සහ ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විද්‍යාලය, ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනය සමඟ එක්ව දියවැඩියාව, පියයුරු පිළිකා, සිවිල් ශල්‍ය වෛද්‍යවරුන්, මැලේරියාව, ටයිෆස් වෛරස් උණ සහ ඩෙංගු උණ පිළිබඳ සැසි ද පැවැත්වීම
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය අංශය විසින් පවත්වනු ලැබූ ගුවන් වෛද්‍ය විද්‍යාව සහ දියයට පරිසරයේ වෙනස්විම් පිළිබඳ දේශනයන් ප්‍රශංසනීය විය.
තවද මෙහිදි ‘මුහුණ පිළිබඳව සංවේදීතාව’ (Facial Aesthetics), ‘රොබෝ සැත්කම්’ (‘robotic surgery’), ‘රසායනික, ජෛව, විකිරණශීලි, න්‍යෂ්ඨික යුද්ධය’ (CBRN warfare), ‘ආපදා අවස්ථාවන්හිදි මරණ ඇතිවීම පාලනය’ (management of dead in disaster) සහ ‘වෛද්‍ය ආචාර ධර්ම’ (medical ethics) යන කරුණු පිළිබඳව දේශන පැවැත් වූ අතර, කාන්තාව හා හමුදා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂ අංශයක් වෙන් කරමින් ‘කාන්තා සෙබලියන්ට මුහුණ පෑමට සිදුවන වෛද්‍යමය අභියෝගයන්’ (‘medical challenges of female combatant’) පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.
වෛද්‍ය උපදේශකවරුන්, වෛද්‍ය සහ දන්ත වෛද්‍ය නිලධාරීන්, යුද්ධ, නාවික හා ගුවන් හමුදා වෛද්‍ය ශිෂ්‍යයින් සමඟින් විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම සඳහා විදේශීය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය විශේෂඥයින් 15 දෙනෙකු, හමුදා නොවන වෛද්‍ය විශේෂඥයින් දොළොස් දෙනෙක් සහ වෛද්‍ය විද්‍යාඥයින් දෙදෙනෙක් මෙම සැසියට සහභාගි වූහ.
Running Sneakers Store | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers