31st March 2018 00:13:54 Hours
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අතර හමුවක් බ්‍රහස්පතින්දා (29) දින යාපනය, නල්ලූර් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පාසල් ශිෂ්‍යභට වැඩසටහන් සඳහා සහාය ඉල්ලා සිටින්නේනම් ඒ සඳහා නායකත්වය සැපයීමට යුද්ධ හමුදාවට හැකි බව යුද්ධ හමුදාධිපති මෙම හමුවේ දී ප්‍රධාන අමාත්‍යවරයා වෙත පෙන්වා දුන්නේ ය.
ධීවර ප්‍රජාවට වඩාත් ප්‍රයෝගික හා මිත්‍රශීලී ආකාරයකින් ඔවුන්ගේ ගැටලු විසඳීම සඳහා අදාළ ප්‍රදේශයන්හි ස්ථානගත යුද්ධ හමුදා කඳවුරු වෙතින් අවැසි සහය ලබාදීමට කටයුතු කරන බව ද යුද්ධ හමුදාධිපතිවරයා මෙහිදි පැවසීය.
මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමා උදාහරණ ගෙනහැර දක්වමින් සිවිල් හමුදා සහයෝගීතාව ඇති කර ගැනීමට සෑම අවස්ථාවකදීම යුද්ධ හමුදාවට ඇති හැකියාව පිළිබඳව අවධාරණය කළේය. මධ්‍යම ආණ්ඩුවේ ප්‍රතිපත්තියට අනුකූලව, සිවිල් වැසියන් වෙත ඉඩම් නිදහස් කිරීමට ඇති හැකියාව ද මෙම සුහඳ හමුවේ දී යුද්ධ හමුදාධිපතිතුමා ප්‍රධාන අමාත්‍යවරයා වෙත පවසා සිටියේය.
Nike footwear | Nike Air Max 270