29th March 2018 20:30:47 Hours
යාපනය ශ්‍රී නාග විහාරයේ හිටපු විහාරාධිපති අපවත්වීමෙන් අනතුරුව විහාරයේ සුභසාධනය පිළිබඳ සොයාබැලීම හා එහි වත්මන් විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල ස්වාමින් වහන්සේ බැහැදැකීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක බ්‍රහස්පතින්දා (29) දින යාපනය ශ්‍රී නාග විහාරයේ සංචාරයක නිරත විය.
මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමා, මීට මාස කිහිපයකට පෙර හිටපු විහාරාධිපති අපවත්විමෙන් අනතුරුව විහාරයේ සිදුකරනු ලබන කටයුතු පිළිබඳ ප්‍රගතිය වත්මන් විහාරාධිපති ස්වාමින් වහන්සේගෙන් විමසා සිටියේය.
51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රෝෂාන් සෙනෙවිරත්න ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
short url link | Sneakers