29th March 2018 20:40:06 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවැති හමුදාමය සාකච්ඡා කිහිපයකට සහභාගිවීමට යාපනයට අර්ධද්වීපයේ කල සංචාරයක් අතරතුර බ්‍රහස්පතින්දා (29) දින සන්ධ්‍යාවේ යාපනය අඟරඳගුරු ජස්ටින් බර්නාඩ් ඥාණප්‍රගාසම් හමුවිය.
මෙම සුහද හමුවේදී, පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්ටීටීඊ සාමාජිකයින් පිළිබඳ මෙන්ම පස් අවුරුදු සැලැස්මක් යටතේ නිදහස් කරන ලද ඉඩම් සහ සියලු ජනවර්ගයා අතර සංහිඳියාව ඇති කිරීම වැනි කරුණු රාශීයක් පිළිබඳ අදහස් හුවමාරු කරගත්හ.
මෙම අවස්ථාව සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න ද සහභාගි විය.
jordan release date | AIR MAX PLUS