Header

Sri Lanka Army

Defender of the Nation

29th March 2018 09:17:20 Hours

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් ‘සයිබර් අවකාශයෙන් එල්ලවන අපරාධ සහ ආරක්ෂාව’ පිළිබඳ දැනුවත් කෙරේ

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිගේ අධීක්ෂණයෙන් එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් වෙත ‘සයිබර් අවකාශයෙන් එල්ලවන අපරාධ සහ ඉන් ආරක්ෂාවීම’ පිළිබඳ වැඩසටහනක් බදාදා (28) දින පවත්වනු ලැබීය.

‘අන්තර්ජාලය නිවැරදිව භාවිතා කරන ආකාරයත්’, ‘සමාජ මාධ්‍ය’, ‘ද්වේශ සහගත වාර්තාවන් සහ සමාජ විරෝධි ක්‍රියාවන්’ ස්මාට් ජංගම දුරකථන හා අනෙකුත් දුරකථන පිළිබඳ මෙහිදි දැනුවත් කරන ලද අතර, යුද්ධ හමුදා සාමාජිකයින් 165 දෙනෙකු මෙම වැඩමුළුව සඳහා සහභාගි වුහ.

12 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ටී.ඩී.ටී විජේසිංහ සිය දේශනයේ දී යුද්ධ හමුදා සාමාජිකයින් සයිබර් අවකාශය හා සම්බන්ධ අපරාධයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදි පැහැදිලි කළහ.

latest jordans | NIKE AIR HUARACHE