Header

Sri Lanka Army

Defender of the Nation

29th March 2018 11:37:37 Hours

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මෝටර් ධාවන තරඟාවලිය සාලියපුර දී

ශ්‍රි ලංකා යුද්ධ හමුදා මෝටර් ක්‍රීඩා සංගමය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබු යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මෝටර් ක්‍රීඩා තරඟාවලිය - 2018, අඟහරුවාදා (27) දින අනුරාධපුර, සාලියපුර ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව සමත්වූ අතර තරඟාවලියේ සමස්ථ අනුශුරතාවය හිමිකරගැනීමට විජයබාහු පාබල රෙජිමේන්තුව සමත්විය. එමෙන්ම, තරඟාවලියේ හොඳම ධාවකයාට හිමි කුසලානය ශ්‍රී ලංකා සංඥා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩි.කේ. බුද්ධික සිල්වා හට හිමි විය.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගජබා රෙජිමේන්තුව, විජයබාහු පාබල රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව නියෝජනය කරමින් යුද්ධ හමුදා මෝටර් ධාවකයින් සියගණනක් අඟහරුවාදා (27) දින පැවැති මෙම තරඟාවලිය සඳහා සහභාගි වූහ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මඟපෙන්වීමෙන් දෙවන වරටත් මෙම දැවැන්ත මෝටර් ධාවන තරඟාවලිය සංවිධානය කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් ක්‍රීඩා සංගමයේ සම්බන්ධීකරණයෙන් යුද්ධ හමුදා යතුරු පැදි ධාවකයින් සඳහා විවිධ තරඟ ඉසව් ඔස්සේ යතුරු පැදි ධාවකයින් 40 දෙනෙකු පමණ ඔවුන්ගේ කුසලතාවන් මෙහිදි ප්‍රදර්ශනය කළහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් ක්‍රීඩා සංගමයේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා සහභාගි වූ අතර ජයග්‍රාහකින් හට ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීමට ද එතුමන් එක්ව සිටියහ.

1991 වසරේදී මෝටර් රථ ධාවන තරඟ යුද්ධ හමුදාවට හඳුන්වාදුන් අතර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව යුද්ධ හමුදාවේ නිපුණත්වය හා අත්දැකීම් උපයෝගි කරගනිමින් මෙම තරගාවලිය පවත්වාගෙන යනු ලබයි.

මහවැලි ව්‍යාපෘතිය යටතේ 1980 දී කොත්මලේ සහ රන්දෙණිගල වේල්ල ඉදිකිරීමට පැමිණෙන ලද ජර්මන් හා ස්වීඩනයේ ඉංජිනේරුවන් මෝටර් රථ ධාවන තරඟ සඳහා මහත් උනන්දුවක් දැක්වූහ. මෙම ධාවන පථය 1981 දී කොත්මලේ වේල්ල අසළ ඉදිකිරීමෙන් අනතුරුව ධාවන තරඟ පැවැත්විම ආරම්භ කරන ලදි.

Sneakers Store | Men Nike Footwear