Header

Sri Lanka Army

Defender of the Nation

28th March 2018 23:57:18 Hours

වන්නි භට පිරිස් ළමා අපචාර පිළිබඳ දැනුවත් කෙරේ

වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භට පිරිස් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්‘ළමා අපචාර සහ වැළැක්වීම’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් දෙවන වරටත් එම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී ඉරිදා (25) දින පැවැත් වූ අතර, එහිදි ළමා අපචාර සිද්ධීන් සහ එවැනි දරුවන් වැඩිහිටියන් බවට පත් වූ විට එහි ප්‍රතිවිපාක මෙන්ම වර්තමාන සමාජ තර්ජනයන්ගේ අහිතකර බලපෑම සහ සමාජ මාධ්‍ය පිළිබඳව දැනුවත් කරනු ලැබීය.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මූලිකත්වයෙන්පැවැති මෙම වැඩසටහන සඳහායුද්ධ හමුදා භට පිරිස් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්600 කට වැඩි පිරිසක් සහභාගි වූහ.

මෙහිදි ළමා හා කාන්තා කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරික්ෂක මනෝජ් සමරසේකර මහතා විසින් ළමා අපචාර, හිංසනයන්මෙන්ම සමාජ මාධ්‍ය හා සමාජ විරෝධී තර්ජනයන්ගේබලපෑම පිළිබඳ වැදගත් දේශනයක් පැවැත්විය.

තවද එහිදි, සිද්ධින් කිහිපයක් ගෙනහැර දක්වමින් බොහෝමයක් අපරාධකරුවන් ඔවුන්ගේ මුල් ළමාවියේදීදුක් විඳ ඇති බව ද ප්‍රකාශ කළහ.

ළමයින්ට එරෙහිව අපරාධ වැළැක්වීමට සමාජයේ සදාචාරාත්මක වටිනාකම් සහ ආචාරධර්ම ප්‍රතිෂ්ඨාපනය කිරිමේ වැදගත්කමපිළිබද තවදුරටත් ඔහු අවධාරණය කරනු ලැබීය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්ෂක සේනා සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සහභාගි වූ අතර, එම ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි සහ අනෙකුත් නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

affiliate tracking url | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ