Header

Sri Lanka Army

Defender of the Nation

29th March 2018 09:12:17 Hours

අන්තර් සමාජ වෙරළ කබඩි තරඟාවලියේ ශුරතාවය යුද්ධ හමුදා කබඩි ක්‍රීඩකයින්ට

ජාතික මට්ටමේ ක්‍රීඩකයින් අතර පැවති අන්තර් සමාජ වෙරළ කබඩි තරඟාවලිය - 2018 හි අවසන් තරඟයන් සහ ත්‍යාග ප්‍රදානෝත්සවය සෙනසුරාදා (17) දින තංගල්ල වෙරළ තීරයේ දී පැවැති අතර එහිදි යුද්ධ හමුදා කබඩි ක්‍රීඩකයින් සුවිශේෂී දක්ෂතා දැක්විය.

තංගල්ල කබඩි සංගමයේ ආරාධනයකට අනුව, සෙනසුරාදා පැවති අවසන් තරඟයන්ගේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා කබඩි කමිටුවේ සභාපති මෙන්ම යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන අණසක හි ආඥාපති මේජර් ජෙනරාල් සනත් පෙරේරා සහභාගි විය.

මෙම තරඟාවලිය ත්‍රිවිධ හමුදා සහ සිවිල් ක්‍රීඩා සමාජ අතර දින දෙකක් පුරා තංගල්ල වෙරළ තීරයේ දී පැවැති අතර අවුරුදු 25 න් පහළ, ‘ඒ’ කොටසේ සහ සුපර් ලීග් ලෙස තරඟ අංශ තුනක් යටතේ මෙම තරඟාවලිය පැවැත්විණි.

අවුරුදු 25 පහළ පිරිමි කබඩි තරඟාවලියේ දී ලකුණු 19 ට 43 ක් වශයෙන් ලබාගනිමින් ශ්‍රී ලංකා පොලිස් කබඩි කණ්ඩායම පරාජයට පත් කරමින් ශුරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි කබඩි කණ්ඩායම සමත්විය. එමෙන්ම සුපර් ලීග් අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම සමඟින් තරඟ වැදුණු ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා කබඩි කණ්ඩායම ලකුණු 37 ක් ලබාගනිමින් තරඟයේ අනුශුරතාවය හිමිකරගැනීමට සමත්විය. ‘ඒ’ කොටසේ අවසන් මහා තරඟයේ දී ලකුණු 29 ට 35 ක් වශයෙන් ලබාගනිමින් රෙඩ් කැප් ක්‍රීඩා සමාජය පරාජයට පත් කරමින් ශුරතාවය හිමිකරගැනීමට යුද්ධ හමුදා පිරිමි ක්‍රීඩකයින් සමත්විය. තවද අවුරුදු 25 පහළ කාන්තා කබඩි තරඟාවලියේ දී ලකුණු 22 ට 44 ක් වශයෙන් ලබාගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම පරාජයට පත්කරමින් ශුරතාවය හිමිකරගැනිමට යුද්ධ හමුදා කාන්තා කණ්ඩායම සමත්විය.

මෙම තරඟාවලියේ ජයග්‍රාහකයින්ට සහ දක්ෂතම ක්‍රීඩකයින්ට කුසලාන සහ සහතිකපත් පිරිනැමීම සඳහා යුද්ධ හමුදා කබඩි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සනත් පෙරේරා එක්ව සිටියහ.

Buy Kicks | GOLF NIKE SHOES