Header

Sri Lanka Army

Defender of the Nation

28th March 2018 08:26:29 Hours

මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා නව යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරි අරඹයි

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 8 වන රෙජිමේන්තු අධිපතිවරයා ලෙස පත් වු මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා දඹුල්ල, හල්මිල්ලවැව පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දි අඟහරුවාදා (27) දින සිය රාජකාරි අරඹන ලදී.

හමුදා සම්ප්‍රදායානුකුලව නව රෙජිමේන්තු අධිපතිතුමන් වෙත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ පාබල සේනාංකයන් වෙත ආධාරක වෙඩි බලය සපයනු ලබන සන්නද්ධ රථ සහ සන්නද්ධ භට පිරිස් ප්‍රවාහනය සඳහා යොදාගන්නා සන්නද්ධ රථ වලින් සමන්විත වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනමන ලදී.

සෙත් පිරිත් සජ්ජායානා මධ්‍යයේ මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා නිල ලේඛණයක අත්සන් තබා සිය ධුරයේ රාජකාරි අරඹමින් චරිත්‍රානුකුලව පොල් තෙල් පහන දල්වන ලදි. ඉන් අනතුරුව නව රෙජිමේන්තු අධිපතිවරයා විසින් මධ්‍යස්ථාන සේනාවිධායක, බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අනෙකුත් නිලධාරින් සමග රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ නිරික්‍ෂණ චාරිකාවක නිරත වු අතර යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සතු සන්නද්ධ රථ ද එම චාරිකාව අතරතුර නිරික්‍ෂණය කරන ලදී.

මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති ධුරය ද හොබවන අතර එතුමන් විසින් භට පිරිස් ඇමතිමෙන් පසු සියළු නිල තේ පැන් සංග්‍රහයක් ද පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂ ජනමාධ්‍ය හා හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු, 532 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික ජයසුන්දර, යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්.එස් බාලචන්‍ද්‍ර, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එච්.එම්.යු හේරත් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් ද එක්ව සිටියහ.

Authentic Sneakers | Nike Running