Header

Sri Lanka Army

Defender of the Nation

26th March 2018 17:55:55 Hours

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය විධායක ශ්‍රේණියේ නිලධාරින් සඳහා නායකත්ව මානසික සංවර්ධන වැඩමුළුවක්

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු අණසක හා මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් සඳහා පෞරුෂත්වය, නායකත්වය සහ සදාචාරාත්මක ගුණාංග පිළිබඳ දැනුවත් කිරිමේ ‘ධාරිතා සංවර්ධන’ පස්දින වැඩමුළුව මාර්තු මස 19 දින සිට 23 දින දක්වා පවත්වන ලදි.

යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායහම් මහතා විසින් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙතින් කරන ලද ඉල්ලිමකට අනුව මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර මිට වසර කිහිපයකට පෙර යුද්ධ හමුදාධිපතිතුමන් එවකට යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති ධුරයේ සිටි අවධියේදි යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය විධායක නිලධාරින් සඳහා මෙවන් වැඩමුළුවක් පවත්වන ලදි.

මෙම වැඩසටහනේ නියමුවා වු යුද්ධ හමුදාධිපතිතුමන් සහ මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ මඟ පෙන්විම මත දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු අණසක විසින් සාර්ථකව දෙවන වසරටත් නේවාසික වැඩුමුළුවක් ලෙසින් මෙම වැඩමුළුව සංවිධානය කරන ලදි.

රාජ්‍ය නිලධාරින්ගේ ධාරිතාවය, වෘත්තීමය දැනුම, හැකියාවන් වැඩිදියුණු කිරිම මෙන්ම නායකත්වය, නිවැරදි තිරණ ගැනිම, සාමුහිකත්වය ගොඩනැගිම, ස්වාභාවික හා හදිසි ආපදාවන් අවම කිරිම සඳහා කාලින මැදිහත්විම සහ එවැනි තත්වයන් යටතේ නිවැරදි තිරණ ගැනිමේ හැකියාව වර්ධනය කිරිමේ සහ ආපදා තත්වයන් තුල දි යුද්ධ හමුදා ලද අත්දැකිම් හුවමාරුකරගැනිම යන අරමුණු පෙරදැරිව ශ්‍රී ලංකා යුද්ධ හමුදා‍වේ සිවිල් අංශය හා හමුදාවන් අතර සහයෝගිතාවය ඇතිකිරිමේ වැඩපිලිවෙල යටතේ මෙම වැඩමුළුව සංවිධානය කරන ලදි.

මෙම වැඩමුළුවේ සම්පත්දායකයින් විසින් දේශණ මෙන්ම සාකච්ඡා අනුසාරයෙන් හා හදිසි තත්වයන් තුලදී තිරණ ගන්නා අන්දම පිළිබඳව ප්‍රායෝගික සැසි මගින් ද දැනුම ලබා දුන් අතර කාන්තා රාජ්‍ය නිලධාරිණියන් 08 කු ඇතුළුව රාජ්‍ය නිලධාරින් 25 කු මේ සඳහා සහභාගි වන ලදි.

මිට අමතරව මෙම රාජ්‍ය නිලධාරින් දියතලාව පිහිටි පැරණි ‘අඩිශාම්’ දේවස්ථානය නැරඹි‍ම සඳහා විනෝද චාරිකාවක නිරත වු අතර වැඩමුළුව අවසානයේ සම්ප්‍රදායානුකුල රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්ද යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායහම් මහතා සම්භාවනීය අමුත්තා වශයෙන්ද සහභාගි වුහ. වැඩමුළුව අවසානයේ සහභාගිවුවන් වෙත සහතිකපත් ප්‍රදානයක්ද සිදුකෙරිණි.

url clone | Nike