Header

Sri Lanka Army

Defender of the Nation

27th March 2018 14:22:17 Hours

‘වනරෝපා’ ජාතික වැඩසටහනට සමගාමිව 22 වන සේනාංකය විසින් ත්‍රිකුණාමලය පාසල් සිසුන් වෙත පැළ 6000 ක් බෙදාදෙයි

රජයේ ‘වනරෝපා’ ජාතික වැඩසටහනට සමගාමිව යුද්ධ හමුදාව විසින් මේ වන විට ක්‍රියාත්මක ‘රණවිරු හරිත අරණ’ ව්‍යාපෘතිය යටතේ 22 වන සේනාංක මූලස්ථානය විසින් ‘රණවිරු සවියෙන් හරිත රටක්’ තේමාව යටතේ ඉරිදා (25) දින පාරිසරික හා ආර්ථික වටිනාකමකින් යුත් කජු, කොස්, කුඹුක්, කොහොඹ, සියඹලා, මහෝගනි සහ මාදම් වැනි පැළ 6000 කට වැඩි ප්‍රමාණයක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් බෙදා දෙනු ලැබිය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල් 15 ක 70 කට වැඩි සිසුන් පිරිසක්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් මෙන්ම 22 වන සේනාංක භට පිරිස් වෙත ද පැළ බෙදාදිම එම සේනාංක මූලස්ථානයේ දී සිදුකරන ලදි.

22 වන සේනාංක මුලස්ථානයේ පැවැති මෙම පැළ බෙදාදිමේ වැඩසටහන ආරම්භ කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් පළමු පැළය රෝපණය කරන ලද අතර, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල සහ මෙම ව්‍යාපෘතියේ නියමුවා වන 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, පරිසර අමාත්‍යාංශයේ නිලධාරින්, අඩවි වන නිලධාරි කාර්යාලයේ නිලධාරින්, නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද මෙම අවස්ථාව හා එක්වෙමින් පැළ බෙදාදිම සඳහා ද දායකත්වය ලබාදෙන ලදි.

‘හරිත ගම්මාන’ සංකල්පය අනුව අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත්කරන ලද ජාතික ‘වන රෝපා’ ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘රණවිරු හරිත අරණ’ වැඩසටහන අරඹමින් කන්තලේ කන්දකාඩු හමුදා ගොවිපළේ මාස කිහිපයකට පෙර දුර්ලභ ගණයේ පැළ 1500 ක් පමණ රෝපණය කරනු ලැබීය.

මෙම වැඩසටහන සම්බන්ධව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පෞද්ගලිකවම මහත් උනන්දුවක් දක්වන අතර ජාතික වැදගත්කමක් ඇති මෙම වටිනා පරමාර්ථය සඳහා දිවයින පුරා පිහිටි යුද්ධ හමුදා කඳවුරු තුළ ඇති අතිරේක ඉඩ ප්‍රමාණය භාවිතා කිරීමට දිරිමත් කරන ලදි. ඒ අනුව දිවයින පුරා පිහිටි බොහෝ කඳවුරු පැළ රෝපණය සඳහා යොමු වී ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය පැළ 57 වන සේනාංක මූලස්ථානය හා ත්‍රිකුණාමලය අඩවි වන කාර්යාලය විසින් ලබා දී ඇත.

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් සංවිධානය කරන ලද එම සේනාංක මුලස්ථානයේ පැවති මෙම උත්සවය සම්ප්‍රදායික පසුකරගෙන යන සම්මාන මුරයකින් (drive-past salute) ආරම්භ වු අතර මේ සඳහා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්, විද්‍යාලවල විදුහල්පතිවරුන්, ගුරුභවතුන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් රැසක් ද එක්ව සිටියහ.

22 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ප්‍රථමයෙන්ම 22 වන සේනාංක මුලස්ථානයේ බුදු මැදුර වෙත ගොස් ආගමික වතාවත් වල යෙදි පුජ්‍ය අහුන්ගල්ලේ සිරි සීල විසුද්ධි නායක ස්වාමින්වහන්සේ බැහැදකින ලදී. එහිදි උන්වහන්සේගේ සුවදුක් විමසමින් යුද්ධ හමුදාධිපතිවරයා විසින් අටපිරිකර ද පුජාකරන ලද අතර උන් වහන්සේගෙන් ආශිර්වාද ලබාගන්නා ලදී.

22 වන සේනාංක මුලස්ථානයේ සංචාරයක නිරත වු යුද්ධ හමුදාධිපතිතුමන් එම සේනාංක මුලස්ථාන භට පිරිස් අමතන ලද අතර ඉන් නික්ම යාමට ප්‍රථම අමුත්තන්ගේ පොතෙහි ද සටහනක් තබන ලදී.

Nike sneakers | Nike