Header

Sri Lanka Army

Defender of the Nation

26th March 2018 17:41:58 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ඔරු පැදිමේ කණ්ඩායම ආරක්‍ෂක සේවා ඔරු පැදිමේ සමස්ථ ශුරතාවය දිනාගනි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඔරු පැදිමේ සංගමය විසින් සංවිධානය කරන ලද ආරක්‍ෂක සේවා ඔරු පැදිමේ ශුරතාවලිය - 2018 ත්‍රිවිධ හමුදා ඔරු පැදිමේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් මාර්තු මස 21 දින සිට 23 දින දක්වා දියවන්නා ඔය අසල දි පවත්වන ලද අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ඔරු පැදිමේ කණ්ඩායම සමස්ථ ශුරතාවලිය දිනාගන්නා ලදී.

මෙම තරඟාවලියේදි යුද්ධ හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් තම දක්‍ෂතාවයන් මැනවින් පෙන්නුම් කරමින් රන් පදක්කම් 03 ක් සහ රිදි පදක්කම් 03 ක් හිමි කරගනිමින් යුද්ධ හමුදා කාන්තා කණ්ඩායම සමස්ථ ශුරතාවයද, යුද්ධ හමුදා පිරිමි කණ්ඩායම රන් පදක්කම් 01 සහ ලෝකඩ පදක්කම් 01 ක් දිනාගනිමින් එම කාණ්ඩයේ අනුශුරතාවයද දිනා ගන්නා ලදී.

ආරක්‍ෂක සේවා ඔරු පැදිමේ ශුරතාවලිය - 2018 සමාප්ති උත්සවය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඔරු පැදිමේ සංගමයේ සභාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග ගේ ආරාධනාවකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි යුද්ධ හමුදා මුලස්ථානයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් ජයග්‍රාහකයින් හට සහතික පත් හා කුසලාන ද පිරිනමන ලදී.

Mysneakers | Nike SB