Header

Sri Lanka Army

Defender of the Nation

26th March 2018 16:04:35 Hours

ජාත්‍යයන්තර ක්‍රිකට් කණ්ඩායම් හා තරඟ වැදිමට යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම මැලේසියාවට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම, මැලේසියා ක්‍රිකට් සංගමයේ ආරාධනයෙන් මාර්තු මස 25 සිට අප්‍රේල් මස 5 දක්වා පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියක් සඳහා ඉරිදා (25) දිවයිනෙන් පිටත්ව යන ලදි.

යුද්ධ හමුදා කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වන ලුතිතන් අජන්ත මෙන්ඩිස් සහ බලලත් නිලධාරී 1 සීක්කුගේ ප්‍රසන්න ද මෙම තරඟාවලිය සඳහා සහභාගි වේ.

මාර්තු මස 27 සිට 30 දක්වා පැවැත්වෙන NSCA ජාත්‍යන්තර ශුරතා ලීග් 20/20 තරඟාවලියේ දී යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක් හා තරඟ වැඳිමට ද අවස්ථාව හිමි වේ.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් මස 1 සිට 3 දක්වා මැලේසියා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්දින තරඟ (පන්දුවාර 50) 3 ක් සඳහා ද සහභාගිවීමට නියමිතය.

මෙවැනි තරඟාවලි පැවැත්විම මඟින් ක්‍රීඩකයන් අතර ආත්ම විශ්වාසය වැඩිදියුණු වන අතර, විවිධ තණබිම් වල ක්‍රීඩා කිරීමේ හැකියාව ද වර්ධනය වේ.

latest Running | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf