Header

Sri Lanka Army

Defender of the Nation

26th March 2018 18:00:30 Hours

යුද්ධ හමුදාධිපති ත්‍රිකුණාමලය අගරදගුරුතුමන් හමුවේ

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරයක නිරත යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ඉරිදා (25) දින උදෑසන ත්‍රිකුණාමලය අගරදගුරු අති උතුම් ක්‍රිස්ටියන් නොඑල් එම්මානුවෙල් පියතුමන් හමුවිය.

එහිදි යුද්ධ හමුදාධිපති සහ අගරදගුරුතුමන් අදහස් හුවමාරු කරගත් අතර යම් ගැටළු සහගත තත්ත්වයන් ප්‍රචණ්ඩත්වයෙන් තොරව විසඳාගත යුතු බවත් එවැනි සුළු ප්‍රශ්ණ සාමකාමි විසදුමකින් තොරව ප්‍රචණ්ඩාකාරි ලෙස විසඳාගැනිමට යාමේදි එය රටේ දියුණුවට විශාල වශයෙන් බලපැම් ඇතිකරන බවත් පැවසීය. තවද, මහනුවර ප්‍රදේශයේ පසුගියදා ඇති වු නොසන්සුන්කාරි තතත්වය පාලනය කර නැවතත් ජන ජිවිතය නඟා සිටුවිම සඳහා ජනතාව අතර සමගිය ඇති කිරිමට ආරක්‍ෂක හමුදාවන් ගන්නා ලද ක්‍රියා මාර්ගයන් සම්බන්ධව තමා මවිතයට පත් වු බව ද අගරදගුරුතුමන් ප්‍රකාශ කර සිටියේය.

latest Running | Releases Nike Shoes