Header

Sri Lanka Army

Defender of the Nation

26th March 2018 17:42:14 Hours

විජයබාහු පාබල රෙජිමේන්තුව සිය 28 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභීමානවත් රෙජිමේන්තුවක් වන විජයබාහු පාබල රෙජිමේන්තුව වසර 28 ක් සපිරිම නිමිත්තෙන් දශක තුනක් පුරා පැවති ත්‍රස්තවාදි සටන්වලදි මව්බිම වෙනුවෙන් තම ජිවිත කැපකල වීරෝදාර විරුවන් සිහිකිරීම විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ මඟපෙන්විම යටතේ බ්‍රහස්පතින්දා (22) දින බෝයගනේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී සිදු කෙරිණි.

හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමා රෙජිමේන්තු අධිපති පිළිගැනීම සිදු කරන ලදි.

ඉන් අනතුරුව, මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ශ්‍රීනාත් ආරියසිංහ සමඟින් රණවිරු ස්මාරකය පාමුල ප්‍රථමයෙන් පුෂ්පෝපාහාර දැක්විම සිදු කරන ලදි.

විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති විසින් ක්‍රීඩාගාර පරිශ්‍රයේ දී භට පිරිස් ඇමතිම සිදු කළ අතර, රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ ‘රන් තැඹිලි පැළයක් ද රෝපනය කරන ලදි. එදින වැඩසටහනේ පළමු අදියර අවසන් කරමින් සියලු නිළ තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විය.

සංවත්සර සැමරුමට සමගාමිව, සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය සමඟින් මහා සංඝරත්නය 28 නමක් විෂයෙහි ලා දානය පිළිගැන් වූ අතර, කුරුණෑගල, මලියදේව වැඩිහිටි හා ළමා නිවාසයේ වැඩිහිටියන් සහ ළමුන් 50 කට වැඩි පිරිසක් වෙත දිවා ආහාරය ද පිළිගන්වන ලදි.

සෙනසුරාදා (24) දින විජයබාහු පාබල රෙජිමේන්තුව වෙත යුද්ධ හමුදාධිපතිතුමාගේ පැමිණිමෙන් අනතුරුව එම පරිශ්‍රයේ පැවැත් වූ දැවැන්ත සංගීත සැඳැවත් සමඟින් සංවත්සර සැමරුම අවසන් විය.

මෙම අවස්ථාව සඳහා විජයබාහු පාබල රෙජිමේන්තු නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගි වූහ.

Adidas shoes | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals