23rd March 2018 12:01:47 Hours
විවිධ ජනවර්ග වලට අයත් තරුණ තරුණියන්ගේ සුහදතාවය වර්ධනය කිරිමේ අරමුණින් 22 වන සේනාංකය යටතේ ස්ථාපිත 224 බලසේනා මුලස්ථානය මගින් සංවිධානය කරන ලද පාපන්දු තරඟාවලිය 2018 මාර්තු මස 15 දින මුතුර් මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත් වු අතර ඒ සඳහා 22 වන සේනාංක මුලස්ථාන කණ්ඩායම සහ මුතුර් ලීග් කණ්ඩායම තරඟ වැදුනි.
නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල සහ 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ උපදෙස් මත 224 වන බලසේනාංකයේ බලසේනාංකාධිපති කර්නල් පී. එදිරිවීර විසින් සංවිධානය කරන ලද මෙම පාපන්දු තරඟයෙන් 22 වන සේනාංක මුලස්ථාන පාපන්දු කණ්ඩායම 3 - 0 ක් ලෙස සිය ප්‍රතිවාදි මුතුර් ලීග් පාපන්දු කණ්ඩායම පරාජය කරමින් ජයග්‍රහණය කරන ලදී. සිවිල් වැසියන් හා යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් මෙම තරඟය නැරඹිම සඳහා එක්වුහ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහභාගි වු අතර කණ්ඩායම් 2 සඳහා හිමි සහතික පත් හා කුසලාන ප්‍රදානය කරමින් ඔවුන් වෙත සිය සුබ පැතුම් එක්කරන ලදි. 15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ උඩරට නර්තන කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද නර්තනාංගයෙන් මෙම අවස්ථාව විචිත්‍රවත් විය.
මෙම අවස්ථාව සදහා පුජ්‍ය ත්‍රිකුණාමලය ධර්මකිර්ති ස්වාමින්වහන්සේ, සාම්පුර් කාලි කෝවිලෙහි කුරුක්කල් ශීවා ශ්‍රී ක්‍රිෂ්ණ සාමි, සුදර්ශන් ගෝමස් පියතුමන්, මුතුර් මව්ලවි තස්රික් හසරත්, තෝපුර් මව්ලවි අමාන් හසරත්, මොල්ලිපොතාන මව්ලවි එන්එම් සාෆීක්, 222 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දීපාල් පුස්සැල්ල, 224 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් පී. එදිරිවීර, මුතුර් ප්‍රාදේශීය ලේකම් ඒ.ම්. තාහීර්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගිවුහ.
url clone | Jordan Ανδρικά • Summer SALE έως -50%