23rd March 2018 11:50:12 Hours
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද ටෙනිස් ක්‍රීඩා පිටිය බ්‍රහස්පතින්දා (22) දින එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ සුරතින් විවෘත කරනු ලැබීය.
එම අවස්ථාවට සපැමිණි මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු පිළිගැනීම සඳහා මුලිතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් බී.පී.එස් ද සිල්වා සහ බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදන කර්නල් ඊ.පී හැන්නදිගේ ද එක්වූහ.
ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ඵලකය නිරාවරනය කරමින් සංකේතාත්මකව ටෙනිස් ක්‍රීඩා පිටිය විවෘත කළ අතර, ප්‍රදර්ශනාත්මක තරඟයක් ද එහිදි පැවැත්වූහ.
එහිදි පැවැත් වූ ඒකළ අංශයේ තරඟයෙන් 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 14 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව නියෝජනය කළ ටෙනිස් ක්‍රීඩකයින් පිළිවෙලින් 1 වන සහ 2 වන ස්ථාන හිමිකරගනු ලැබීය.
ඉන් අනතුරුව, 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුව මෙන්ම 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 1 වන ශ්‍රී ලංකා සංඥා බලකාය අතර යුගල අංශයේ තරඟ පැවැත්විය.
18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ ප්‍රවීණ යුද්ධ හමුදා ටෙනිස් ක්‍රීඩකයෙකු වන කෝප්‍රල් යූ. ගුණසේකර සහ 14 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බඩියර් උත්පල කුමාර යුද්ධ හමුදා ටෙනිස් කමිටුව නියෝජනය කරමින් ප්‍රදර්ශන තරඟයක නිරත විය.
තවද, එහිදි යුද්ධ හමුදා ටෙනිස් කමිටුවේ සාමාජිකයින් වෙත මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති විසින් ත්‍යාග ප්‍රදානය කරන ලදි.
Buy Kicks | adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify