Header

Sri Lanka Army

Defender of the Nation

23rd March 2018 12:39:31 Hours

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ පොල් වගා කිරීමේ ව්‍යාපෘතිය සඳහා පොල් පර්යේෂණ ආයතනය වෙතින් සහය

ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ සහයෝගය ඇතිව යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් 2018 වර්ෂය අවසන්වීමට ප්‍රථම යාපනය අර්ධද්වීපයේ පොල් පැළ 100,000 ක් වගා කිරීමේ ව්‍යාපෘතියක් අරඹන ලද අතර එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය හා එය නිම කිරීමට ඇති හැකියාව පිළිබඳව නිරීක්ෂණය කිරීමට ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ විශේෂඥ කණ්ඩායමක් සඳුදා (19) දින අඳාල ප්‍රදේශයන්හි සංචාරයක නිරත විය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් අත්හදා බැලිමක් ලෙස වෙරළාශ්‍රීත ප්‍රදේශයන්හි පොල් පැල 6000 ක ප්‍රමාණයක් පසුගිය වසරේ ජුනි මාසය වනවිට වගා කළ අතර එහිදි එම පොල් පැළ හොදින් වැඩෙන බව නිරීක්ෂණය විය. ඒ අනුව මෙම පොල් පැළ ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වාගෙනයාමට තීරණය කරන ලදි.

‘අපි වවමු - රට නගමු’ ජාතික ව්‍යාපෘතියට සමඟාමීව ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ලුණුවිල පොල් ‍පර්යේෂණ ආයතනය විසින් අවශ්‍ය සහයෝගය ලබාදෙයි.

මෙම ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ගේ ආරාධනාවකට අනුව පොල් පර්යේෂණ ආයතනයේ සභාපතිතුමන් ඇතුළු විශේෂඥයින් 05 ‍දෙනෙකු සහභාගි වූ අතර, ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳ සතුටු වු ඔවුන් තවදුරටත් මෙම ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ද අවධාරණය කරන ලදි.

buy footwear | Ανδρικά Nike