22nd March 2018 18:31:45 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 574 බලසේනාව යටතේ සේවයේ නියුතු 3 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් මාන්කුලම් ප්‍රදේශවාසින් හා එක්ව ඒ-9 සහ ඒ-34 මාර්ග දෙපස පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සෙනසුරාදා (17) දින පවත්වන ලදි.
574 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්දන සෝමවිර ගේ අධික්‍ෂණයෙන් මාන්කුලම් සහ කිලිනොච්චි ප්‍රදේශයන්හි වේගයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය වැලැක්වීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කළහ.
භට පිරිස් විසින් මාන්කුලම් නගරය හා ඒ අවට ප්‍රදේශයන් පිරිසිදු කිරීමෙන් අනතුරුව ඒ-9 සහ ඒ-34 මාර්ගය දෙපස ද පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත විය.
මෙම ශ්‍රමදාන ව්‍යාපාරය සඳහා පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාවේ නිලධාරින්, සෞඛ්‍යය නිලධාරීන්, ප්‍රදේශවාසින් සහ පාසල් සිසුන් රැසක් සහයෝගය ලබාදුන් අතර යුද්ධ හමුදා භට පිරිස් සහ සිවිල් වැසියන් අතර හොඳ හිත සහ සංහිදියාව ඇතිකිරීම සඳහා මෙම වැඩසටහන ඉවහල් විය.
bridgemedia | Nike