Header

Sri Lanka Army

Defender of the Nation

16th March 2018 14:04:11 Hours

ආගමික වතාවත්වලට මූල්තැනදෙමින් මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 5 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිය 5 වන සංවත්සර වැඩසටහන් මාලාව, ආගමික වතාවත්වලට මූල්තැනක් දෙමින් මාර්තු මස 12 දින සිට 16 දින දක්වා අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

සංවත්සර උත්සව මාලාවේ පළමු අංගය ලෙස මාර්තු මස 12 වන දින මහනුවර දළදා මාලිගාව අභියස දී මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයට සහ යුද්ධ හමුදාවට ආශීර්වාද පතා විශේෂ බෝධි පූජා පිංකමක් පැවැත් වූ අතර මාර්තු මස 13 වන දින කතරගම දේවාල පරිශ්‍රයේ දී විශේෂ හින්දු පූජාවක් ද පවත්වන ලදී.

සංවත්සර වැඩසටහන් මාලාවට සමගාමීව මාර්තු මස 16 වන දින, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් වෙත 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී පිරිනමනු ලැබීය.

අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් විසින් කඳවුරු පරිශ්‍රයේ ‘සඳුන්’ පැළයක් ද රෝපණය කරන ලදි.

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පැවති සංවත්සර වැඩසටහන් මාලාව අවසානයේ සමුහ ඡායාරූයකට පෙනීසිටි ආඥාපතිතුමන් භට පිරිස් ඇමතීමෙන් අනතුරුව සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට ද එක්විය.

Authentic Sneakers | New Balance 991 Footwear