Header

Sri Lanka Army

Defender of the Nation

09th March 2018 17:15:59 Hours

3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් කාන්තාවන් වෙනුවෙන් ‘සුවනාරි’ වෛද්‍ය සායනයක්

ජාත්‍යයන්තර කාන්තා දිනයට සමඟාමිව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය සමඟ එක්ව සංවිධානය කරන ලද ‘සුවනාරි’ වෛද්‍ය සායනය නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ද සහයෝගය ඇතිව දෙහිඅත්තකණ්ඩිය 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා මුලස්ථාන පරිශ්‍රයේදී පසුගියදා පවත්වන ලදී.

කාන්තා සෙබලියන් සහ සිවිල් අංශයේ රැකියාවල නියුතු කාන්තාවන් 50 කට අධික සංඛ්‍යාවක් සහභාගි වු මෙම සායනයේදි බෝනොවන රෝග සහ වෙනත් රෝගාබාධයන් සැබැදි වෛද්‍ය සායනයන් මෙන්ම වෛද්‍ය උපදේශණ සේවා ද ලබා දුන්හ. මෙම වෛද්‍ය සායනය සඳහා 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණි මේජර් චමරි විජේතිලක ගේ ආරාධනයෙන් දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඇතුළු එම වෛද්‍ය කාර්ය මණ්ඩලය සහයෝගය ලබා දුන් අතර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය ජාත්‍යයන්තර කාන්තා දිනය වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධිකරණය කරන ලදී.

මෙම වෛද්‍ය සායනයේ සමාරම්භක අවස්ථාව සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්‍ෂිකා සීතා කරුණාරත්න මහත්මිය, ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ සහකාර අධ්‍යක්‍ෂිකා දුලක්‍ෂි ප්‍රනාන්දු මහත්මිය සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් එම්.ඩබ්ලිව් ශිරෝමනි මහත්මිය ද සහභාගි වුහ.

short url link | Sneakers Nike Shoes